ඔබගේ වෘත්තීය කුමක් වූවත් අලෙවිකරුවෙකුගෙන් ඔබට දැන ගත හැකි දෑ

බොහෝ දෙනාගේ ජීවිත වල ජයග්‍රහණයේ රහස වන්නේ, අලෙවි කිරීමට හැකියාව වේ. ව්‍යාපාරිකයින්ට සහ අලෙවිකරුවන්ට පමණක් අවශ්‍ය දෙයක් ලෙස බොහෝ දෙනා සිතුවත්, අලෙවිකරණය යනු සියලු දෙනාටම අවශ්‍ය වන හැකියාවකි. තමන්ගේ අදහසක්, සිතුවිල්ලක් තව කෙනෙකුට ඒත්තු ගැන්වීම, අලෙවිකරණයේ පුළුල්  විදහා දැක්වීමක් ලෙස ගත හැක. marketing advice
ඔබට අවශ්‍ය ක්‍රියාවක් යම් අයෙකු ලවා කරවාගැනීමේ කලාව අලෙවිකරණය ලෙස හැඳින්විය හැක. භාණ්ඩ සහ සේවා මිලදී ගැනීමට මිනිසුන් ඒත්තු ගැන්වීම අලෙවිකරුවන්ගේ කාර්යය භාරයයි. මෙලෙස ඒත්තු ගැන්වීමට නම් මොවුන් කෙටි කලකදී , පාරිභෝකයා තමා විශ්වාස කිරීමට පෙලෙබවීමට හැකි අය විය යුතුය. marketing advice
අලෙවි කිරීමට ඇති හැකියාව, ඔබගේ පෞද්ගලික සහ කාර්යාලීය ජීවිතයට අත්‍යාවශ්‍ය වේ. ඔබගේ අලෙවි හැකියාව වැඩි දියුණු කරගැනීමට මෙම උපදෙස් ඔබට උපකාරී වේව

(ව්‍යාපාර ලෝකයේ හිනිපෙත්තටම නැගි උත්සාහවන්තයින් ගෙන් උපදෙස් කිහිපයක්)

සබදතාවක් ඇති කරගන්න – marketing advice

No matter who you are, things you can learn from a sales person 1

නීරීක්ෂණය කරන්න, සවන් දෙන්න, සහ නිතරම ප්‍රශ්න ඇසීමෙන් විශ්වාසවන්ත සබදතාවයක් ගොඩනගන්න. ඔබ ඔවුනට ලබාදීමට තැත් කරන දේ පිලිබඳ නොව ඔවුනගේ අවශ්‍යතාවයට මුල් තැන දෙන්න. ඔවුන්ගේ කැමැත්ත අකමැත්ත, පෞද්ගලික ජීවිතය ආදිය පිළිබද කතාබහ කරමින් ව්‍යාපාරයෙන් ඔබ්බට ගිය සබදතාවයක් ගොඩනගන්න. මෙසේ කෙමෙන් ගොඩනගන සබදතාවයෙන් ඔවුන්ද ඔබ හා සම්බන්ද වීමට පෙලබෙයි. ඔබගේ මූලික අවශ්‍යතාවය කුමක් වූවත් සබදතාවයක් ගොඩනැගීමෙන් ආරම්භ කරන්න. – marketing advice

හිත ඇදෙන සුළු කතාවක් ගොඩනගන්න

No matter who you are, things you can learn from a sales person 1
සාමාන්‍යයෙන් ව්‍යාපාරික ලෝකයේ භාවිතා වන්නේ පරිසිද්ධි සහ සංඛ්‍යාය. නමුත් සාමාන්‍ය මිනිසුන්ට හිත රැදෙන්නේ ඔවුන්ට යම් හෝ හැගීමක් ගෙන දුන් කතා සහ අවස්ථා වේ. මිනිසුන්ගේ සිතට දැනෙන ආකාරයෙන් ගොඩනගන කතාන්දර වල ට , සංඛ්‍යා වලට නොමැති , මිනිසුන්ගේ සිත් ඇදගැනීමේ හැකියාවක් ඇත.
කුණු වී ජරා වී ගිය හෝටලයකට, එහි ආහාර කෙතරම් රස වූවත්,  කිසිවෙකුත් ගොඩනගන්නේ නැත. නමුත් ලස්සන පිරිසිදු හෝටලයකට සියලු දෙනා ගොඩ නගී. ඔබගේ අදහස් ද , හෝටලයක් වැනිය. – marketing advice

ප්‍රතික්ෂේප කිරීම සන්සුන් ලෙස භාර ගන්න

No matter who you are, things you can learn from a sales person 1
අලෙවිකරනයේදී ප්‍රතික්ෂේප කිරීම් වලට මුහුණ දීම සාමාන්‍යයක් වේ. මෙවැනි අවස්ථා වලින් සිත් තැවුලට පත් නොවී, ඔබගේ දියුනුවට යම් දෙයක් ඉගෙනගැනීමට මෙම අවස්ථා භාවිතා කරන්න.ඔබ මෙම අවස්තාවේදී වැරදියට කරේ මොනවාද, නැවත නොකර සිටිය යුත්තේ මොනවාද යන දේවල් පිළිබද දැනුමක් ලබාගැනීමට මෙය අවස්තාවක් කරගන්න.

(ව්‍යාපාර ලෝකයේ හිනිපෙත්තටම නැගි උත්සාහවන්තයින් ගෙන් උපදෙස් කිහිපයක්)

ප්‍රශ්න වලට සූදානම් වන්න. ඔබගේ පිලිතුරුත් සූදානම් කරගන්න,

No matter who you are, things you can learn from a sales person 1

ඔබ අලෙවිකරුවෙකු නම් ඔබ අලෙවි කරන දෙය පිළිබද ඔබ සියල්ල දැන සිටිය යුතු වේ. ඔබ කියන දේ අසන පුද්ගලයා ඔබ පිලිබඳ විශවාසයක් ගොඩනගන්නේ ඔබගේ දැනුම අනුවය. ඔවුන්ගේ අවශ්‍යතා, හැකියා තේරුම් ගෙන ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු සහ විසදුම් දීම ඔබගේ කාර්යභාරයය වේ marketing advice

අවස්තාවන් ගොඩ නගා ගැනීමට මූලික වන්න

No matter who you are, things you can learn from a sales person 1

අලෙවිකරනයෙදී අවස්ථාවන් හැබෑ යාම අලෙවිකරුවෙකුගේ ජයග්‍රහණයට මූලික වේ. ඔබගේ අදහස් අනෙක් අය වෙත ගෙන යාමට හැකි සෑම  අවස්ථාවක්ම භාවිතා කරන්න. අවස්ථාවන් ඔබ වෙත පමිනෙනකන් සිටීම ඔබට කිසි විටෙකත් උපකාරී වන්නේ නැත. මේ අවස්ථාවන් ගොඩ නගා ගැනීම ඔබගේ කාර්යය වේ marketing advice

හැකි සෑම  විටෙකම ඔබ, ඔබව අලෙවි කරන්න

 No matter who you are, things you can learn from a sales person 1
අලෙවි කිරීමට ඉතාමත්ම වැදගත් වන්නේ ඔබවමය. හැකි සෑම විටේම ඔබගේ අදහස් අලෙවි කරන්න. සබදතාවයන් ගොඩනගාගන්න. ප්‍රතිශේපයන් ධනාත්මකව භාරගන්න. ඔබගේ අලෙවිකරණ හැකියාවේ වර්ධනය ඔබගේ ජීවිතයේ වර්ධනයට උපකාරී වේ. marketing advice

ඔබගේ වෘත්තීය කුමක් වූවත් අලෙවිකරුවෙකුගෙන් ඔබට දැන ගත හැකි දෑ – How Learning From a Top Salesperson Turns You From Good to Great

What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

2 Comments

    • ස්තූතී අනූ, මම දැන් මේ ලින්ක්ස් වලට Requst එකක් දාන්නම්, නිතරම රැඳෙන්න අපිත් එක්ක, තව වටින ළිපි කිහිපයක්ම දාන්න සූදානම් කරගෙන යනවා 🙂

නින්දෙන් ගෙරවීම ප්‍රශ්නයක් නම් මෙය කියවන්න

Type Of snorers_well.lk Sinhala

ඔබත් නින්දෙන් ගොරවනවාද ? මෙන්න එය වැළක්වීමේ ක්‍රම 11 ක්