ඔබට HIV තිබෙන බවට සාධක 16 ක්

නිකමට සිතන්න ඔබට HIV තිබෙනවා කියා, එසේනම් කිරීමට ඇති හොඳම දේ නම් පරීක්ෂණයක් සිදු කරගැනීමයි. කෙසේ වෙතත් මෙම කරුණුද අදාළ රෝගී ලක්ෂණ වනවාට සැකයක් නැත.

HIV රෝග ලක්ෂණ – HIV symptoms

HIV ආසාදනයෙන් මාසයකින් හෝ දෙකක් තුල 40% වසිට 90% දක්වා පුද්ගලයන් උණ වැනි  රෝගී ලක්ෂණ පෙන්නුම් කරන  අතර එය acute retroviral syndrome (ARS) ලෙසද හඳුන්වයි.

නමුත් මෙම රෝග ලක්ෂණ කාලයක් යන තුරු මතු නොවී තිබීමටද ඇති ඉඩකඩ වැඩිය. සමහරවිට එය මාස ගණනක්, අවුරුදු ගණනක් හෝ දශකයක් පමණ වීමටද හැකි බව වටහා ගැනීම වැදගත්ය.

කැලිෆෝනියා වල ඕක්ලන්ඩ් හි පිහිටි Kaiser Permanente හි HIV/AIDS පිලිබඳ අධ්‍යක්ෂ මිෂෙල් හොබර්ග් විසින් පවසන්නේ, “මෙම අසාදනයෙන් පළමු අවධියේ කිසිම රෝගී ලක්ෂණයක් පෙන්නුම් නොකිරීමයි “. එනම් ඔබ එක් අයෙකුට වඩා සංසර්ගයේ යෙදවානම් හෝ එන්නත් ඖෂධ හෝ භාවිතා කරනවානම්, වහාම පරීක්ෂණයක් කරගැනීම වැදගත් වන අතර ඇමෙරිකානුවන් 5 දෙනෙක් එක් අයෙකුට මෙම තත්වය ඇති අතර ඒ පිලිබඳ තවමත් නොදැන සිටීමේ සම්භාවිතාවද ඉහල බව තහවුරු වී ඇත.

මෙන්න ඔබට HIV පිලිබඳ අවධානයක් යොමු වීමට අදාළ විය හැකි කරුණු කිහිපයක්,

උණ – Fever

මෙහි ඇති විය හැකි මුල්ම ලක්ෂණයක් නම් ෆැරන්නයිට් අංශක 102 වැනි උණක් ඇතිවීමයි.  එනම් මෙම උණ ඇතිනම් ඒ සමගම තෙහෙට්ටුව සහ උගුරේ අමාරුව වැනි ලක්ෂණද මතු විය හැක.

“මෙ අවධියේදී වෛරසය රුධිරයට එක් වීමේ ඉඩකඩ වැඩි අතර එය තවත් පැතිරයාමේ හැකියාවද ඉහලය”, යන්න නිව් යෝක් වෛද්‍යවිදයාලයේ බෝවෙන රෝග සහ ප්‍රතිශක්තිකරණ උපදේශක, කාලෝස් මැල්වෙස්ටෝ විසින් පවසයි.

තෙහෙට්ටුව – Fatigue

මෙමගින් ඇතිවන ගිනියම් ගතිය මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියට තදින්ම බලපාන අතර එනිසා ඔබට වෙහෙසක් සහ ඈලි මෑලි ස්වභාවයක් ඇතිවීම සාමාන්‍යලක්ෂණයකි. මෙම තෙහෙට්ටු ගතිය පළමු අවධියේ මෙන්ම අවසන් අදියර වලද ඇති විය හැකි බව සැලකිලිමත් වන්න.

මිඩ්වෙස්ට්හි මහජන සම්බන්ධතා විධායකයකු වන 52 හැවිරිදි රොන් ද ඔහුට ඇවිදීමෙදී වූ ශ්වසන අපහසුතා නිසා ඉතාමත් කනස්සල්ලට පත්වන්නට විය. තවද ඔහු පවසන්නට වුයේ, “මන් කල සෑම දෙයකින්ම අවසානය වුයේ මට හුස්ම ගැනීමට තවත් අපහසු වීම පමණි” යන්න සහ “ඊට පෙර මම සැතපුම් ගණන් ඇවිද්දේ සිරුරටවත් නොදැනීමය” යන්නයි.

මාංශ පේශි සහ සන්ධි වේදනාව වගේම ඉදිමුණු වසා ගැටිති – Achy muscles, joint pain, swollen lymph nodes

මෙම ARS තත්වය උණත් සමග ඉතාමත් අහිතකරය ලෙස බලපායි. එනම් ඒවගේම මොනෝනියුක්ලියෝසස් , වෛරස ආසාදන, syphilis  සහ හෙපටයිටිස් වලටද බලපෑමේ හැකියාව සතුය.

මාංශ පේශි සහ සන්ධි වල ඇතිවන වේදනාවද , වසා ගැටිති වල හට ගන්නා ඒ තත්වයන්ද බොහෝ වෙලාවට එකම ස්වභාවයක් ගනී සහ එය පුදුම වීමට කාරණාවක්ද නොවේ.

ඔබගේ කිහිලි ප්‍රදේශයේ, ගර්භයේ හා ගෙලේ තිබෙන මෙම වසා ගැටිති සිරුරේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපාන අතර යම්කිසි ආසාදනයකදී ඒවා ගිනියම් වීමක් සිදුවේ.

උගුරේ අමාරුව සහ හිසරදය – Sore throat and headache

අනෙකුත් සඳහන් කල රෝග ලක්ෂණ මෙන්ම උගුරේ අමාරුව සහ හිසරදයද මෙමෙ ARS තත්වය තුල දැකිය හැකිය, යන්න වෛද්‍යහොග්බෝග් පවසයි.

ඔබට දැනටමත් දැනෙනවානම් තත්වය තරමක් බරපතල බව, HIV පරීක්ෂණයක් යනු වැදගත්ම විකල්පයයි. මෙම පරීක්ෂණය කිරීම එනම් තමාට මෙන්ම වක්‍රව හෝ අනෙකුත් අයටද බලපාන අතර මුල් අවධියේදී මෙම ආසාධිත තත්වය තරමක් දරුණු බවක්ද ගනී.

ඔබ මතක තබා ගත යුතු කරුණක් නම් HIV ආසාදනය වූ විගස සිරුරෙන් ඒ සඳහා ප්‍රතිදේහ නිපදවන්නේ නැතිබව. එනම් ප්‍රතිදේහ පරීක්ස්හනක් කිරීමෙන්ද අදාළ ව්සඳුම බලාපොරොත්තු වීමේ ඉඩකඩ අවමය. (එමනිසා මෙම ප්‍රතිදේහ රුධිරය තුල පෙන්වීමට යම්කිසි කාලයක් ගතවන බව සැලකිලිමත් වීම වැදගත්ය.). මේ වෙනුවට ඔබට පුළුවන් මෙවැනි පරීක්ෂණ කරා යොමු වන්න, එනම් RNA වෛරස ග්‍රහණය කර ගත හැකි බව සහ එය ආසාදනය වී දින 9ක් වැනි කාලයක් තුල කර ගත හැක.

දද කුෂ්ට/ සමේ රෝග – Skin rash

මෙම සමේ රෝග ආසාදනය වී මුල් අවධියේ හෝ පසුව හෝ ඕනෑම අවධියක සෑදීමේ ඉඩකඩ ඇත.

මෙය රොන්ටත් සෑදුන අතර ඔහු පැවසූ ආකාරයට ” ඒවා හරියට රෝස පැහැයෙන් පැතිරුණු සහ පිපිරීමට අසන්න කුෂ්ට වැනි තත්වයක් විය”, යන්නයි. මෙම කුෂ්ට සිරුරේ කඳ ප්‍රදේශයේද හට ගැනීමට හැකි බවෙන් සැලකිලිමත්වීම වැදගත්ය. එනම් මෙම දද හෝ කුෂ්ට වල  සුවවීමක් දක්නට නොලැබේ නම්, හොඳම දේ HIV පරීක්ෂණයක් සිදු කර ගැනීමයි, යන්න හෝබෝග් පවසන්නට වෙයි.

අරුචිය , වමනය සහ පාචනය – Nausea, vomiting, diarrhea

වෛද්‍යමැල්වෙස්ටෝ පවසනැ විදියටනම්, මෙම ආසාදනයේ මුල් අවධියෙදී  30%-60% ත් අතර පුද්ගලයන්ට කෙටි කාලීනව හෝ අරුචිය , වමනය සහ පාචනය සැදීමේ ඉඩකඩ ඉහලය.

antiretroviral therapy එකක් ලෙසද මෙම තත්වයන් ආසාදනයේ අවසන් අදියරයන්හිදී මතු වීමටද හැකියාව ඇත.

හෝබෝග් පවසන තවත් කරුණක් නම් therapy එකකින් වුවද මැඩලිය නොහැකි අරුචියක්, පාචනයක් තිබේනම්, එයට් ආසාදනයේ එක් දර්ශකයක් බවයි. ඒවගේම මෙම රෝග ලක්ෂණ සාමාන්‍යප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේ දැකිය නොහැකි ජීවින් විශේෂයක් මගින්ද සෑදිය හැකි බව ඔහු පවසයි.

බර අඩු වීම – Weight loss

බර අඩුවීම යනු මෙම තත්වයට අමතරව තවත් විවිධ රෝග වලට හේතු වන්නක් වන අතර මෙය වැඩි වීමෙන් බරපතල පාචන තත්වයකටද හේතු විය හැක.

ඔබ සාමාන්‍යයෙන් බර අඩු වේනම් , ඉන් අදහස් වන්නේ ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බෙලහීන වීමයි, යන්න වෛද්‍ය මැල්වෙස්ටෝ විසින් පවසයි.

“මෙ තමා රෝගියා, කොමපන ආහාර ගත්තද , බර අඩුවීම නවතින්නේ නැති සහ, එය දිගින් දිගටම සිදු වන්නේ ඇස පනා පිටමය ” කෙසේ හෝ  antiretroviral therapy වලට ස්තුති වන්නට, අදාළ තත්වය තරමක් අඩු වී ඇත.

එක්සත් ජනපද සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවට අනුව, දවස් 30 කට වඩා පාචනය, වෙහෙස, උණ වැනි තත්වයන්ගෙන් පෙලේ නම් සහ 10% ක් වත් සිරුරේ බර අඩු වේ නම්, එම පුද්ගලයා මෙම රෝග තත්වන්ට අනුකුලවන බව පවසන්නට වෙයි.

වියලි කැස්ස – Dry cough

රොන්ට ඇතිවූ පළමු රෝග ලක්ෂණය නම් මෙම වියලි කැස්සයි. එනම් මොහු මෙය අහිතකර ආසත්මිකතාවක් ලෙස වටහා ගන්නටද විය.

අවුරුදු 1 1/2 ක් පමණ විය , එවගේම තත්වය තවත් දරුණු විය. Benadryl, antibiotics හෝ අවම වශයෙන් inhalers වත් මීට විසඳුමක් නොවෙන්නට විය.

මෙම රෝග ලක්ෂණය, එනම් අඛණ්ඩව ඇතිවන සහ නවතින්නේ නැති මෙම කැස්ස, සාමාන්‍ය HIV ආසාදිතයන්ගේ රෝග ලක්ෂණයක් යන්න, වෛද්‍ය මැල්වෙස්ටෝ පවසයි.

වසංගත – Pneumonia

මෙම කැස්ස හා බර අඩුවීම නිසා බරපතල ආසාදන තත්වයක් ඇතිවිය හැකි අතර එය විශබීජ වර්ගයක් මගින් හේතු වේ.  නමුත් ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳ නම් මෙය එසේ බල පාන්නේ නැති වීමේ ඉඩකඩද වැඩිය.

“ඒවගේම තවත් අවස්තාවාදී අසාත්මිකතා ඇති අතර ඒවා එකිනෙකට වෙනස් ස්වභාවයක් ගනී”, යන්න වෛද්‍ය මැල්වෙස්ටෝ පවසන්නට වෙයි. රොන්ගේ ප්‍රශ්නයෙදීනම් එය Pneumocystis (PCP) නම් වසංගතය ලෙස හඳුන්වයි. තවත් විදියකට මෙය AIDS pneumonia ලෙසද හඳුන්වයි.

අනෙකුත් අවස්තාවාදී  ආසදන නම් නම්,  toxoplasmosis , parasitic infection හෙවත් මොලයට බලපාන herpes virus  වෛරසයක් වන  cytomegalovirus වේ. ඒවගේම  thrush වැනි යීස්ට් ආසාදනද හැඳින්විය හැක.

රාත්‍රී දහඩිය – Night sweats

වෛද්‍ය මැල්වෙස්ටෝ පවසන විදියටනම්, මෙම HIV ආසාදනයේ මුල් අවදියේ ආසදිතයන්ගෙන් හරි අඩක්ම රාත්‍රී දහදියෙන් පීඩා විඳින බවයි.

ආසාදනයත් සමගම පසුවනවිට මෙම තත්වයන් ඉතා පොදු විය හැකි අතරම එය කාමර උෂ්ණත්වය හෝ ව්‍යායාම් මත ද තීරණය නොවන බව දැනුවත් වීම වැදගත්ය.

අර්තවහනය කල කාන්තාවන්ගේ hot flashes වලට  සමාන වන මේවා මග හරිය නොහැකි තරම් වන අතරම, ඔබගේ ඇද ඇතිරිලි, රෙදි තෙත් වීමද පුදුම වීමට කරුණක් නොවේ.

නිය වෙනස්වීම් – Nail changes

HIV ආසාදනය පසු වත්ම තවත් ඇති විය හැක රෝග ලක්ෂණයක් නම් නිය ඝන වීම හා වක්‍ර වීමයි. ඒවගේම නිය දෙකඩ වීමද දැකිය හැකි අතර කළු හෝ දුඹුරු ඉරි ද ඇතිවිය හැක.

ඒවගේම මෙයට  candida වැනි දිලීර ආසදනද හේතු වේ. වෛද්‍ය මැල්වෙස්ටෝ පවසන ආකාරයට ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය හීන රෝගීන්ට මෙය ඇතිවීමේ ඉඩකඩ වැඩිය.

යීස්ට් අසාදන – Yeast infections

මෙම thrush නම් දිලීර ආසාදනයද HIV ආසාදනයේ  පසු අවධියේ ඇතිය හැකි පොදු රෝග ලක්ෂණයකි. එනම් යීස්ට් වලින් අනු වර්ගයක් වන Candida වලින් හේතුවන මුඛ ආසාදනයක් ලෙස සැලකිය හැකිය.

“මෙය ඉතාමත් පොදු දිලීරයක් වන අතර බොහෝ විට කාන්තාවන්ට බලපෑමේ හැකියාව ඉහලය”  යන්න වෛද්‍ය මැල්වෙස්ටෝ පවසයි.  මෙය පයුරිය ප්‍රදේශයේ වැඩෙන අතර ආහාර ගිලීමට අපහසු කරයි.

රොන් එක්දිනක් අවදි වු විට ඔහුගේ දිවේ සුදු පැහැති ලප ඇතිවී තිබු අතර මොහු ඒ පිලිබඳ අකමැත්තක් හැරෙන්නට බියක් නොදක්වන්නටද විය. ආසාදනය තරමක් මග හැරීමට අපහසු වූ අතර අදාළ HIV ප්‍රතිකාර ගැනීමත් සමග තත්වය පහල යන්නට විය.

අවධානය යොමු කිරීමේ අපහසුව – Confusion or difficulty concentrating

රෝගය පැතිරීමත් සමග පසු කාලීනව, මෙම සංජනනීය අපහසුතා ඇතිවිය හැකිය. ඒවගේම මීට අමතරව AIDS සම්බන්ධ dementia මගින් මොලයටද විශාල බලපෑම් ඇතිකළ හැකි බවක් තිබේ. එනම් කෝපවීම සහ නුරුස්සන බව දැක්විය හැක.

මෙමගින් තවද යාන්ත්‍රික ක්‍රියාකාරකම්, සම්බන්ධීකරණය අදාළ වීම්, කම්පනය වීම් මෙන්ම ලිඛිත කටයුතු වලදීද විවිධ අපහසුතා ඇතිවිය හැක.

සීත තුවාල සහ ලිංගික ඉන්නන් – Cold sores or genital herpes

ARS සහ පසු HIV පසු අවධියේදී මෙම සීත තුවාල සහ ලිංගික ඉන්නන් ඇතිවීම දැකගත හැකිවේ.

ඒවගේම මෙම හර්පීස් HIV අසාදනයට මුලිකම හේතුවක් විය හැකිය. මන්ද සංසර්ගයකදී මෙමගින් ශ්‍රාවය වීම මගින් ආසාදනය පැතිරීමට විශාල රුකුල වනවා නොඅනුමානය. ඒවගේම මෙම HIV ඇති පුද්ගලයන්ට මෙම හර්පීස් තවත් පැතිරීමේ අවධානම ඉතාමත් වැඩිය, මන්ද ආසාදනය මගින් ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය අඩාල කරන බැවිනි.

දුර්වලවීම – Tingling and weakness

HIV පසු අවධියේදී අතපය වල වෙහෙසක්, පණ නැති කමක් , දුර්වලකක් ඇති කරයි. මෙය peripheral neuropathy ලෙස හඳුන්වන අතර මෙමගින් මිනිසුන්ගේ පාලනය කල නොහැකි දියවැඩියාවටද හේතුවක් වේ.

වෛද්‍ය මැල්වෙස්ටෝස් පවසන්නේ, මෙයට හේතුව ස්නායු දුර්වල වීමයි. මෙම තත්වයන් වේදනා නාශකයන් සහ Neurontin (gabapenti) වැනි  antiseizure ප්‍රතිකාර මගින් පාලනය කිරීමේ හැකියාවද තිබේ.

ඔසප් අක්‍රමිකතා – Menstrual irregularities

උණ සන්නිපාත තත්වයන් සමග හොඳින් පැතිරුණු HIV ආසාදන මගින් මෙම තත්වයන් ඇතිවීමේ අවධානම වැඩි කරයි. ආසාදනයම නොව, මෙයට මන්තාවන්ගේ මර අඩුවීම සහ දුර්වල සෞඛ්‍ය තත්වයද තදින්ම බලපාන සැලකිලිමත් වන්න.

HIV ආසාදනයද අර්තවහරණයේ මුල් අවධියත් සමග සම්බන්ධ වන අතරම ඊට හේතු වේ. (එනම් අවුරුදු 47 සිට 48  ක දක්වා ආසාධිත ගැහැනුන් , අවුරුදු 49 සිට 51 දක්වා ආසාධිත ගැහැනුන් සමග සංසන්දනයෙදී )

මෙවැනි ලිපි දිනපතා කියවන්න එන්න Well.lk වෙබ් අඩවිය වෙත, අගනා ලිපි රැසක් තව ඉදිරිපත් කිර්‍රිමට නියමිතයි. එවා එසැනින් දැනගැනීමට අපගේ Facebook පේජ් එකට Like එක්ක දාන්න.

[vifblike btntype=”iframe”]

ඔබට HIV තිබෙන බවට සාධක 16 ක්

What do you think?

1 point
Upvote Downvote

Total votes: 1

Upvotes: 1

Upvotes percentage: 100.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

හිසකෙස් ගැලවීයාම සහ ඒ ආශ්‍රිත ගැටළු – HAIR LOSS

හිරුවාරදය – Migraines Overview