හිරුවාරදය – Migraines Overview

හිස යනු විටක පුදුම දෙයකි, මන්ද එය ඔබට විවිධාකාරයෙන්, සෑම දිනකම උදව් වනවා මෙන්ම තවත් විටක ඔබව කලකිරවන වේදනාවක්ද වේ. වෛද්‍යවරුන් බොහෝ විට මෙය මිනිසුන්ට ඇතිවන්නේ කෙසේද යන්න තවමත් නිශ්චිත කර ගත නැති නමුත් ඊට බලපාන යම් යම් හේතු සාධක කිහිපයක් ගැන විග්‍රහ කරයි. හිරුවාරදයෙන් බොහෝ වෙලාවට පීඩා විඳින්නේ කාන්තාවන්ය. නමුත් එක් ඇසක් පිටුපස එන එම ඉතාමත් පීඩාකාරී හිසරදය පිරිමින්ට සැදීමේ ඉඩකඩ කාන්තාවන්ට වඩා දස ගුණයකි. එකම වෙනස නම් හිරුඅගතිය පරම්පරාවෙන් පැමිණෙන අතර එම හිසරදය එසේ නොවීමයි. ඒවගේම හිරුවාරදය හිසේ එක් පෙදෙසක පමණක් ඇතිවීම මෙහි ඇති තවත් වෙනසකි.

එනම් මෙන්න විවිධ සහ ඔබට වුවද මුහුණ පා හැකි හිසරදයන් සහ හිරු අගති වල ස්වභාවයන් කිහිපයක්,

Chronic migraines

යම් අයෙකුට මසකට 15 වතාවක් පමණ මෙමෙ හිරුවාරදයෙන් පීඩා දෙනාවානම් ඔහු නිධන්ගත හිරුවාරදයෙන් පෙළෙන්නෙකි.

Classic migraines

මෙහිදී හිරුවාරදය ඒමට පෙර පෙනීම සම්බන්ධව ගැටළු මතුවේ. මෙ අතර ඉරි, zigzag රටා, විවධ වර්ණ පෙනීමට පටන් ගනී.

Common migraines

එනම් මෙහිදී ඔබට පෙනීම සම්බන්ධව කිසිම ගැටළුවක් ඇති නොවේ. නමුත් සමහර විට වේදනාවට පෙර  euphoria තත්වයක්  හෝ ප්‍රජනන ගැටළු ඇති වීමේ ඉඩකඩක්ද ඇත.

Ocular migraines:

මෙහිදී සමහර පුද්ගලයන්ට පෙනීම සම්බන්ධව ගැටළු එනම් ඉහත පරිදි zigzag lines , පාවෙන ස්වභාවයක් ගැනීම, අන්ධ වුවා මෙන් හැගීම වැනි දේ ඇතිවිය හැකි අතර හිරුවාරදය මෙන් දැනීමක් නොවීමටද හැක. මේවා සාමාන්යෙන් ඇසේ රුධිර වාහිනී වල යම් යම් වෙනස් කම් නිසා සිදුවන අතර මිනිත්තු 30 ක් පමණ කාලයක් තිබීබටද පුළුවන. මින් කිසිදු හානියක් නොවන බවද වටහා ගැනීම වඩාත් සුදුසුය. මෙය සුව කිරීමේ කිසිදු ප්‍රතිකාරයක් නොවන බැවින් ඔබට ඊට මුහුණ දීමටම සිදුවේ.වැදගත්ම දේ නම් මින් දිගටම ඔබගේ අධ්‍යන කටයුතු හෝ රාජකාරී කටයුතු අදාළ වීමක් වේනම්, වහාම ගොස් ඔබගේ වෛද්‍යවරයාව මුණගැසීම හොඳම විකල්පයයි. ඔබ දැනුවත් විය යුතු තවත් කරුණක් නම් මෙම ලක්ෂණ වුවද එතරම් බරපතල රෝගයක සාධක නොවන බවයි.

More – හිසකෙස් ගැලවීයාම සහ ඒ ආශ්‍රිත ගැටළු – HAIR LOSS

 Abdominal migraines

මේය කුඩා දරුවන්ට තරමක් පොදු වන නමුත් වැඩිහිටියන්ටද සෑදෙන බව අමතක නොකළ යුතුය. මෙය සැදුනු විට ප්‍රතිකාර කිරීමට තරමක් අසීරු බවක් ගනී. මෙහිදී දීප්තිමත් බවක් ඇති වීම හා ශබ්දය තදින්ම බලපාන අතර ඔක්කාරය මෙන්ම වමනයද ප්‍රධාන ලක්ෂණ වේ. ocular migraine සමග සමානකම් පෑවද , හිසේ රුදාවක් නැති වීම එකම වෙනසයි. එනම් මෙම රෝග ලක්ෂණ ඔබේ දරුවාත් පෙන්වන්නේනම්, වහාම  ඔබගේ ළමා වෛද්‍යවරයාව හමුවීම ඉතාමත් වැදගත්ය.

Cluster headaches

මෙය හිරුවාරදය නොවන බවට දැනුවත් වන්න. මේවා දරුණුම වේදනාවක් ගෙන දෙන හිසේ අමාරු ගණයට සැලකිය හැක. මෙය ඉරුවාදය මෙන් නොව වේදනාව හරියටම ඇස දෙක මැදට වන්නට දැනීමක් සිදුවේ. මිනිත්තු 15 සිට පැය 2ක් පමණ වනතුරු මෙම වේදනාව තිබීමට හැක. සමහර විට පැමිණීමත් සමගම අතුරුදහන් වීමටද හැකියාව ඇත. මේවා වරින් වර සති ගණනක්ම එක දිගට සෑදෙන නිසා cluster headaches යනුවෙන් හඳුන්වයි. සමහර විට මෙය අවුරුදු ගණනකට වුවද අතුරුදහන් වී තිබියද හැක. මේවා පාරම්පරිකව පැමිණෙන්නේ නැති අතර මොලයේ සිදුවන රෝගයක් නිසා හට ගන්නේද නැත, බොහ්ගෝ දුරට ප්‍රමාණවත් තරම් නිදා නොගන්නෙම හෝ චර්යාවන්ගේ වෙනස්කම් හේතු වශයෙන්  බලපානු ඇත.

More – හිසකෙස් ගැලවීයාම සහ ඒ ආශ්‍රිත ගැටළු – HAIR LOSS

Thunderclap headaches

Cluster headaches වගේම මේවද ඉතාමත් දරුණු වේදනාවක් ගෙන දෙන අතර ඒවගේම ඉක්මන් ස්වභාවයක් ගනී. මෙය එතර වැඩි වෙලාවක් නොතිබෙන අතරම රාත්‍රී කාලයේදී ද නොසෑදෙයි. බොහෝ දුරට මොලයේ රුධිර සංසරණය අවිධිමත් බව නිසාම ඇතිවීමට බොහෝ ඉඩකඩක් ඇත. පෙර තත්වයන් පරිදීම මෙවැනි තත්වයක් ඔබට ඇතිවුවොත් වහාම වෛද්‍යවරයෙකු මුණ ගැසීම යෝග්‍ය වේ.

ඉහත පරිදි මෙවැනි විශාල රෝග ලක්ෂණ ප්‍රමාණයක් සහිතව වෛද්‍යවරුන් කෙසේ මෙම හිරුවාරදය සොයා ගන්නේද? එසේනම් මෙන්න එය නිර්වාහනය කරන අකාරය සහ කොතරම් බරපතල ලෙස මෙය බලපෑ හැකිද යන්න.

මෙම “migraine” යන වචනය පැමිනෙන්නේ  “hemicrania” (හිසෙන් හරි අඩක්) සහ  “megrim” (කල්පනාකාරී හැගීම් පහළවන බවක්) යන වචනවල කැටි වීමකිනි.

මෙම හිරුවාරදය නැති කිරීමට නම් ඇති එකම දේ ඊට හේතු සොයා ගැනීමයි. එනම් මේවා ඕනෑම තැනක වුවද සිදුවිය හැකි සහ යොදා ගැනීමටද හැක. එය විටක හිතකර මෙන්ම අහිතකරද විය හැකි බව දැනුවත් වීම වැදගත්ය. ඒවගේම ඒවා ඉතාමත් කලින් මෙන්ම පසුවීද සිදු විය හැක. මේවා ආහාර පදනම් කරගෙන වුවද ඇතිවීමේ ඉඩකඩ ඇත. එනම් එය මතපැන්ද, කැෆේන්ද හෝ චීස් ද යන්න කිසිම අදාලත්වයක් නොමැත.

එසේනම් මෙන්න, ඉතාමත් හොඳ යයි සැලකිය හැකි කරුණු කිහිපයක්.

ආහාර :

විද්‍යාත්මක වුවද ආහාර මෙම හිරුවාරදයට බලපාන බව තහවුරු වී අවසන්ය. නමුත් එසේ කියා මින් පීඩා විඳින කෙනෙකුට චීස් ගැනීමට බල කිරීමද නොකළ යුතුය. මෙම ආහාර පදනම්ව සිදු වන හිරුවාරදය බොහෝ දුරට අසාත්මිකතා හා සම්බන්ධ කමක් තිබෙන බවට තහවුරු වී ඇත. තිරිඟු, බාර්ලි සහ බියර් වල අඩංගු ධාන්‍ය , චීස් සහ ග්ලුටන් වැනි දේ ඉතාමත් අහිතකර බවටද හඳුනාගෙන ඇත. මීට අමතරව Soy, MSG (or monosodium glutamate, a preservative and flavor enhancer), chocolate, dairy products, alcohol සහ caffeine වලද මේවා ඉතා ඉහල බව අනාවරණය වී ඇත. ඔබ කෝපි සහ තේ දිනපතා බීමට පුරුදුව සිටීනම් එය එසේ නොගැනීම තුලින්ද මෙයට බලපෑ හැක. තියුණු සුවඳක් තිබෙන ළුණු, ගම්මිරිස්, sauerkraut වැනි දේවල්ද මීට හේතුවන බවට සැකයක් ඇත.

හැසිරීම :

ඔබගේ නියමිත චර්යාව, පුරුදුව සිටි ආකාරය මදක් හෝ බිඳ වටුනොත් එයද මීට හේතු විය හැක. නිදසුන් දක්වන්නේ නම්, පමණ ඉක්මවා නිදා ගැනීම හෝ හරි හරි කාලයක නිදා නොගැනීම, වෙලාවට ආහාර නොගැනීම හෝ ආහාර නොගෙන සිටීම, ආතතිය, ලිංගික එක්වීම් සහ අධික ලෙස ව්‍යායාම් කිරීම හෝ ව්‍යායාම කිසිවක් නොකිරීමද දැක්විය හැක.

ඉහත කරුණු සමහර විට ඔබට පාලනය කල හැකි නමුත්, මෙම කරුණු තරමක් අසීරු වන බවද සැලකිලිමත් වීම සුදුසුය.

හෝර්මෝන :

හෝර්මෝන වෙනස් වීම නිසා මෙම හිරුවාරදය ඇතිවන අතර නිදසුනක් ලෙස පිරිමින් මෙන් 3 ගුණයක් කාන්තාවන්ට මෙය ඇතිවන්නේද එම නිසාය. ගොඩක් කාන්තාවන් මුලින්ම මෙම අත්දැකීම ලබන්නේ ඔවුන් වැඩිවියට පත්වූ විටය. ඉන්පසු සෑම ඔසප් වීමක් පාසාම ඔවුන්ට මෙම තත්වයට මුහුණ දීමට සිදුවේ.  ඒවගේම මොවුන්ට එයත් සමගම උණද ඇතිවීමේ ඉඩකඩ බොහො විට ඇතිවන අතර ගර්භනී කාන්තාවන්ටද මෙය තදින්ම බලපායි. නමුත් කාන්තාවන් වයසට යාමත් සමග මෙන්ම තත්වය අවම වේ. සමහර හෝර්මෝන ප්‍රතිස්තාපන ඖෂධ (ඊස්ට්‍රජන් වැනි) මීට බලපෑ හැක.

More – හිසකෙස් ගැලවීයාම සහ ඒ ආශ්‍රිත ගැටළු – HAIR LOSS

පාරිසරික සාධක :

දීප්තිමත් ආලෝකය, විශාල ශබ්ද, තියුනු ගන්ධයන් සහ කාලගුණ වෙනස් වීම්ද මීට බලපෑ හැක.

ඔබට තවමත් මෙය ප්‍රශ්නයක්ද ? එහෙත් එය එසේ නොවිය යුතුය, මන්ද ඔබ අද සිටම යම් කිසි දින චර්යාවකට අනුව වැඩ කිරීමට හුරු වන්න, අවදිවන වෙලාව, නින්දට යන වෙලාව, ආහාර ගැනීම පිලිබඳ කටයුතු, ව්‍යායාම් සහ තවත් එවැනි දේ ගැන ක්‍රමවත් ම කටයුතු කරන්න. මගින් ඔබට මෙම හිරුවාරදය නැති කර ගැනීමට හැකිවෙනු ඇත.

බොහෝමයක් මෙම හිරුවාරදයෙන් පෙලෙන පුද්ගලයන් විවිධ විකල්ප මාර්ගවලින් එය මග හරවා ගැනීමට උත්සහ දරයි. නමුත් මෙම කිසිදු දෙයක් විද්‍යාත්මකව ඔප්පුකර නැති බවත් එය එසේ කර ඇත්නම් එතරම් ස්ථිරද නැති බව වටහා ගත යුතුය. එනම් පහත දැක්වෙන්නේ මේ සඳහා උපයෝගී කරගත හැකි ක්‍රම කිහිපයක් සහ ඒවා යොදා ගැනෙන ආකාරයයි.

ව්‍යායාම්, තෙරපි, හුස්ම ගැනීමේ සහ විඩාව නිවන අභ්‍යාසවල යෙදීම

මෙය ඔබ ක්‍රමවත් සහ පිළිවෙලකට සිදු කරනවානම් හොඳ ප්‍රතිපල ලබා ගත හැක. එනම් මෙමගින් රුධිර සංසරණය ක්‍රමවත් වීම, ආතතිය අඩු වීම හෝ නැති වීම වැනි ප්‍රතිඵල ලබා ගත හැක.

යෝග

මෙහිදී දිග හැරීමෙන්, වැතිරීමෙන්, හුස්ම ගැනීමෙන් මාංශ පේශී ශක්තිමත් කිරීමක් සිදු කරන අතරම රුධිර සංසරණයද ක්‍රමවත් කරයි. මෙය සන්සුන් බවද ඇති කරන අතර එක් විධියක භාවනා ක්‍රමයක් ලෙසද හැඳින්විය හැක.

Biofeedback

එනම් මෙහෙදී සිදුවන්නේ ඔබ තුල ඇතිවන එම හැසිරීම් , ක්‍රියාවලීන් පිලිබඳ අධ්‍යනය කිරීමයි. ඒවගේම මෙහිදී ඔබගේ නාඩි පිලිබඳ , ස්පන්ධනය වීම පිළිබඳ, මාංශ පෙශී කම්පනය වීම , රුධිර සංසරණය සහ හුස්ම පිලිබඳ අවධානය යොමු කිරීමක් වේ.

Acupuncture

මෙය තරමක් වේදනා ගෙන දෙන බව පෙනුනද , බොහෝ රෝගීන් පවසන්නේ එය එසේ නොවේ කියාය,. එනම් මෙහිදී සිරුරේ අදාළ ප්‍රදේශවලට කටු ගැසීම තුලින් ප්‍රතිකාර කරන අතර මෙය ඉතාමත් වටිනා ප්‍රතිඵල ගෙන දෙන්නක්ද වේ.

ඒවගේම ඖෂධීය ශාකසාර ඇතුලත් වටිනා ප්‍රතිකර්ම කිහිපයක් පහත දැක්වේ.

Riboflavin

සරලව පවසනවානම් මෙය විටමින් B-2 ලෙස හැඳින්විය හැකි අතර මෙමගින් මොලේ සෛල නිරෝගී සහ ශක්තිමත් කරනු ලැබේ. මෙය ඔබට අතිරේකයක් ලෙසද ගැනීමට හැකියාව ඇත.

Coenzyme Q10 supplements

මෙය ඉතාමත් ප්‍රසිද්ධ preventive medicine එකක් ලෙස සැලකිය හැක. මෙමගින් පටක සහ මාංශ පේශි වල ක්‍රියා කාරකම් ක්‍රමවත් කර ගත හැක. නමුත් විද්‍යාත්මකව මෙය හිරුවාරදයට බලපාන අකාරය පිලිබඳ යම් යම් වෙනස් කම් තිබේ. හිරුවාරදය යනු තරමක්  පුද්ගලික කාරණාවක් වන අතර එමනිසා මෙය කෙනෙකුට හරියන විට තවත් කෙනෙකුට එසේ නොවීමටද හැකියාව ඇත.

Feverfew

මෙය ඉහත සඳහන් ප්‍රධාන ප්‍රතිකර්ම 2කටම බලපාන සහ හිතකර ප්‍රතිඵල ගෙන දෙන හරිත අතිරේකයකි. මෙය ඉතාමත් හොඳ ප්‍රතිකර්මයක් වනවා සේම පමණට වඩා ගැනීමෙන් අතුරු ආබාධද ගෙන දිය හැකි බව දැනුවත් වීම වැදගත්ය.

Butterbur

මෙයද තවත් ඵලදායී හරිත අතිරේකයක් ලෙස හැඳින්විය හැකිය. මෙය විටක පිළිකා කාරක සංයෝග වලින්ද සමන්විත වන අතර එමනිසා පිළිකා පිලිබඳ අවධානමකින් සිටින සහ ගර්භනී කාන්තාවන් මින් ඈත්වී සිටීම නුවනට හුරුවේ. එම්නිසාම මෙයින් අහිතකර දේවල් ඉවත් කර හිතකර දේ පමණක් වෙන්කිරීමට පර්යේෂකයන් විසින් උත්සහ දරමින් සිටී.

මෙම හිරුවාදය යනු ලොව පුරාම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉතාමත් වැඩි වන රෝගී තත්වයකි. මීට එම සේවාවන් වල ඇති අවිධිමත් බවද සඳහන් කල හැකිය. ඒවගේම ඔබගේ ආතති මට්ටම අනුව, ඔබගේ හෝමෝන මට්ටම අනුව සහ ඔබගේ වයස වැනි සාධක මත මෙය වෙනස් වියහැක.

වෛද්‍යවරුන් විසින් මෙපමණක් නොව හදවත් සහ මොලයට විවිධ අහිතකර ලෙස බලපාන හිරු අගති ද සොයා ගෙන ඇත. ඒවගේම මින් පීඩා විඳින්නන්, මෙම රෝගය සඳහා අදාළ පර්යේෂකයන්  අඛණ්ඩ පරීක්ෂනවල යෙදෙමින් සිටින බවද දැනගෙන සිටීම වැදගත් කරුණකි. එවගේම තහවුරු වී අතු තවත් කරුණක් නම් මෙම හිරුවාරදය ස්නායු සම්බන්ධ රෝගයක ලක්ෂණයක්ද විය හැකි බවයි.

නව අධ්‍යනයකින් තහවුරු වී ඇති කරුණක් නම්, අවුරුදු 45 ට වඩා වැඩි classic migraines වලින් පෙළෙන කාන්තාවන් බොහෝ දුරට කන්තුක වාහිනී ගැටළු වලට මුහණ දීමට හැකි බවයි. එනම් මෙවැනි රෝග ලක්ෂණ ඔබටත් තිබේනම් වහාම වෛද්‍යවරයා හමුවී රෝග ලක්ෂණ පිලිබද කතා කිරීමෙන් ගොඩක් දුරට ඊට හේතු සහ ඉක්මනින් ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇත.

එනම් මෙම කරුනුත් සමග නිගමනය කල හැකි දේ නම්, මෙම හිරුවාරදය යනු ඉතාමත් වේදනාකාරී බවක් ගෙන දිය හැකි රෝග තත්වයක් වන අතර මිනිසුන් විශාල ප්‍රමාණයකට ඔවුන්ගේ එදිනෙද ජීවිතයේදී  මෙය හිසරදයක් බවටද පත්වී ඇත. එසේනම් ඉහත පරිදි මෙම හිරුවාරදය පිලිබඳ  සහ ඉන් ඇතිවිය හැකි තත්වයන්, අතුරු අබාධ මෙන්ම ඊට බලපාන හේතුද ඇතුලත්ව හොඳ විග්‍රහයක් විය.

මෙම හිරුවාරදයෙන් පෙළෙන සහ පීඩා විඳි ප්‍රසිද්ධ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් සිටින අතර ඒ අතර නිදසුන් වශෙයෙන්, Vincent Van Gogh, Claude Monet, Georges Seurat, Virginia Woolfe, Cervantes, Napoleon, Thomas Jefferson, Sigmund Freud, Friedrich Nietzsche, Elvis Presley හැඳින්විය හැකිය. එනම මින් හැඟවෙන දේ නම්, බොහොමයක් මින් පීඩා විඳින පුද්ගලයන් ඉතා සුවිශේසී හැකියාවන් වලින් යුක්ත බවද, නිර්මාණ ශීලී බැවින් හෙබි බවත් සහ ඒවගේම තමන්ගේ අරමුණ කෙසේ හෝ ළඟා කර ගන්න අයද වීමය. සමහර පුද්ගලයන් මොවුන් ඉතාමත් දරුණු ස්වභායක් ගන්න බව කීමට හැකි අතර තවත් අයෙක් එය එසේ නොවේ කියාද පවසයි.

මෙවැනි ලිපි දිනපතා කියවන්න එන්න Well.lk වෙබ් අඩවිය වෙත, අගනා ලිපි රැසක් තව ඉදිරිපත් කිර්‍රිමට නියමිතයි. එවා එසැනින් දැනගැනීමට අපගේ Facebook පේජ් එකට Like එක්ක දාන්න.

[මුලාශ්‍රය: M.A.G.N.U.M. – The National Migraine Association].

What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

ඔබට HIV තිබෙන බවට සාධක 16 ක්

ඔබගේ කෝපි වීදුරුව සීනි රහිතව රසකර ගත හැකි ක්‍රම 6ක්