නින්දෙන් ගෙරවීම ප්‍රශ්නයක් නම් මෙය කියවන්න

Snoring is the bane of light-sleeping partners across the country

STOP THAT SNORING FOR GOOD!1
අඩ නින්දකට හුරු වී සිටින ඔබගේ, සහකරු හෝ සහකාරිය නින්දෙන් ගොරවනවාද? ඉතාමත මහන්සි වී ගෙදර විත් නින්දට යන විට මෙම ගෙරවීම බොහෝ දෙනාට මහත් ප්‍රශ්නයක් වී තිබේ. නින්ද නොයාමට අමතරව ගෙරවීම තවත් බොහෝ ප්‍රශ්නවලට මුල් වේ. නවතම සොයාගැනීම් වලට අනුව ගෙරවීම නිසා ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාවය පසුකාලීනව මතකය ගිලිහී යාමේ තත්ව ඇතිකිරීමට මූලික වෙයි. ගෙරවීමෙන් බේරෙන්නේ කෙසේද? පහත ලිපියෙන් ඔබට එය දැන ගත හැක. – stop snoring

නින්දෙන් ගෙරවීම වර්ග කිහිපයකින් දැක්විය හැක.

  1. නහයෙන් ගෙරවීම – මෙය සිදුවන්නේ හරස් වී ඇති නාස් මාර්ගය නිසාය
  2. උගුරෙන් ගෙරවීම – ආශ්වාස මාර්ගයේ අවහිරතා නිසා මෙය සිදු වේ
  3. හක්කෙන් ගෙරවීම –  සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල හෝ දිග හකු නිසා මෙය සිදුවේ
  4. මිශ්‍ර ගෙරවීම – ඉහත සදහන් හේතු දෙකක් හෝ එක වීමෙන් ඇති වන තත්වයකි
STOP THAT SNORING FOR GOOD!1

නින්දෙන් ගෙරවීමට හේතු – stop snoring

තරබාරු කම.

ගෙරවීමට මූලික හේතුවක් වන්නේ තරබාරුකම වේ. අධික මේදය උගුර වටා රැදීමෙන් ආශ්වාස නාලය අවහිර වීම නිසා නින්දෙන් ගෙරවීම සිදු වේ. ගෙරවීම අඩු කරගැනීමට නම් තරබාරුකම අඩු කරගැනීමට සිදු වේ

මධ්‍යසාර

මධ්‍යසාර භාවිතයෙන් උගුරේ ඇති මාංශ පේශීන් ලිහිල් කර ආශ්වාස නාලය අවහිර කරයි

සැර වැඩි ආහාර වර්ග

අධික සැර සහිත ආහාර උදරය තුල අම්ල ප්‍රතිකියා ඇති කර නින්දෙන් ගෙරවීම වැඩි කරයි. නින්දේදී අම්ල සහ ජීර්ණය නොවූ ආහාර නැවතත් ආහාර මාර්ගයට ඇතුල් වී එතුලින් ආශ්වාස මාර්ගයට ඇතුල්වීමෙන් ආශ්වාස මාර්ගය අවහිර වේ.

උඩු අතට හැරී නිදාගැනීම

මෙලෙස නිදාගන්නා විට දිව ඇතුලට නැමීම නිසා ආශ්වාස මාර්ගය අවහිර වේ

දුහුවිල්ල

නින්දෙන් ගෙරවීමට තවත් හේතුවක් විය හැක්කේ ඔබ අවට ඇති අධික දුහුවිල්ලයි. දුහුවිල්ල නිසා ආශ්වාස මාර්ගය පීඩාවට පත්වන අතර මෙනිසා ආශ්වාස මාර්ගය තුල සෙම් තට්ටුවක් සැදේ. මෙසේ සිදුවන විට නින්දට යන විට අපට සිදුවන්නේ නාසයෙන් නොව මුඛයෙන් හුස්ම ගැනීමටය. මෙය නින්දෙන් ගෙරවීමට හේතු වේ
STOP THAT SNORING FOR GOOD!1

ගෙරවීමට පිළියම – stop snoring

ගෙරවීම අඩු කරගැනීමට පහත සදහා උපදෙස් පිළිපදින්න – stop snoring

  • හවස 6න් පසුව මධ්‍යසාර ගැනීමෙන්  වලකින්න.එවිට නින්දට පෙර ඔබ ගත් මධ්‍යසාර වල  බලපෑම අඩු වේ
  • දුම් පානයෙන් වලකින්න. දුම් පානය නිසාද ආශ්වාස මාර්ගය තුල සෙම් බැදීම සිදු වේ. මෙනිසා හුස්ම ගැනීම ද අපහසු වී නින්දෙන් ගෙරවීම සිදු වේ
  • ඔබගේ කාමර සහ අවට පරිසරය දුහුවිල්ලෙන් තොරව පිරිසිදුව තබාගන්න. ඔබගේ ඇඳ ඇතිරිලි සතියකට වරක්වත් මාරු කරන්න
  • නින්දෙන් ගෙරවීම අවම කරගැනීමට ෆාමසියෙන් බෙහෙත් ද ගත හැක.

මෙම ලිපිය ඔබට වැදගත් යැයි සිතනවානම්, ඔබ වඩාත් කැමති Social Media network  එක අරහා Share කරන්න,

නින්දෙන් ගෙරවීම ප්‍රශ්නයක් නම් මෙය කියවන්න -THE ULTIMATE GUIDE TO STOP SNORING FOR GOOD

Source – STOP SNORING

What do you think?

1 point
Upvote Downvote

Total votes: 1

Upvotes: 1

Upvotes percentage: 100.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

ව්‍යාපාර ලෝකයේ හිනිපෙත්තටම නැගි උත්සාහවන්තයින් ගෙන් උපදෙස් කිහිපයක්

ඔබගේ වෘත්තීය කුමක් වූවත් අලෙවිකරුවෙකුගෙන් ඔබට දැන ගත හැකි දෑ