ඔබගේ කෝපි වීදුරුව සීනි රහිතව රසකර ගත හැකි ක්‍රම 6ක්

සැප්තැම්බර් 29 යනු ජාතික කෝපි දිනයයි. එනම් උදාවෙන සරත් සෘතුව සඳහා උණුසුම් කොපි කෝප්පයක් ගැනීම ඉතා සිත් ගන්නා සුළු අවස්ථාවක්ද වනු ඇත.

සීනි භාවිතාකර සාදන ICE කෝපි , ඉතාමත් රස වීමට පුළුවන්, නමුත් ඒවා වල සීනි බහුල බව නිසාම ඔබගේ සීනි තත්වය ඉහල දැමීමටද වුවද පුළුවන. එනම් මෙහිදී මෙය පානය කිරීමට පෙර සිටි තත්වයට වඩා දරුණු වීමේ ඉඩකඩ වැඩිය.  American Heart Association ට අනුව මෙම සීනි එක් කිරීම මගින් ඔබට හදවත් රෝග පිළිබඳවද අවධානමක් ගෙන දිය හැකි බවයි. (ඔබ සැලකිලිමත් වියයුතු දෙයක් නම් මීපැණි වල සහ උක් වලද සීනි අඩංගු බවයි. ඒවගේම කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදනවල අඩංගු ස්වභාවික සීනි නිසාම ඔබ ඔබගේ කැලරි ප්‍රමාණය සීමා කිරීමක් නොකරන්නේ නම්, සැලකිලිමත් විය යුතු නැත.)

මෙහිදී අවධානය යොමු කලයුතු වන්නේ, කෝපි පානය නොකර සිටීම නොවේ, එනම් සීනි හෝ ක්‍රීම් නොමැතිව මෙම කෝපි රසය වැඩි කරන්නේ කෙසේද යන්න බැලීමයි. ඒවගේම පරීක්ෂණවලින් තහවුරු වී ඇති ආකාරයට ක්‍රමවත්ව කෝපි පානය කරන්නන්ට හදවත් රෝග, ශ්වසන රෝග, පිලිකා, දියවැඩියාව සහ වකුගඩු රෝග සෑදීමේ අවධානම අඩු බවයි.

ඉතින් මෙම රසයන් 6න් එකක් යොදා ගැනීමෙන් ඔබගේ දවස සවිමත් කරගන්න.

කුරුඳු – Coffee

සීනි සහ කැලරි නොමැතිව ඔබගේ ජාවා වීදුරුව රස කර ගැනීම සඳහා කුරුඳු එක් කර බලන්න. සැලකිලිමත් විය යුතු කරුණ නම් නියම කුරුඳු කුඩු භාවිත කිරීම සහ කුරුඳු  රසැති කෘතීම සීනි භාවිත නොකිරීමටත්ය. එසේත් නැත්නම් කෝපි බීජ කුරුඳු කැබලි ස්වල්පයක් සමග තැබීමෙන් ද එහි රසය ගැනීමට හැකිවනු ඇත.

ඒවගේම Human Nutrition Research Center හි අධ්‍යනයකට අනුව තහවුරු වී ඇත්තේ මෙය තේ හැඳි 1/2 ක් බැගින් දිනපතා ගැනීම තුලින් සෛලවල සංවේදීතාවයද ඉහල දමන බවයි. එනම් ඔබ සීනි භාවිත කරන්නේ නම් සිදු වන්නේ මෙහි විරුද්ධ දේ බවත් සැලකිලිමත් වීම වැදගත්ය.

රස නොකළ කොකෝ(ආ) කුඩු – Coffee

ඔබට චොකොලට් ෆ්ලෙවනොයිඩ් වල ඇති ප්‍රතිලාභ ගැනීමට ඇති ඉතා පහසුම ක්‍රමයක් නම් මෙම කොකෝ(ආ) කුඩු කෝපි සමග එක් කර පානය කිරීමයි. මෙමගින් ඔබගේ සෛල වල හානිවීමේ ඉඩකඩද අවම කරන අතර මොළයට සහ හදවතට රුධිර සංසරණයද ක්‍රමවත් කරයි. තවත් දෙයක් නම් මෙමගින් සීනි රහිතව ඔබගේ කෝපි වීදුරුව ඉතා රසවත් කිරීමයි. සොයා බලන්න, රස නොකළ සහ 100% කොකෝ(ආ) කුඩු වලින් සමන්විත නිෂ්පාදානයක්, එනම් නිදසුනක් ලෙස Navitas Organics Cacao Powder හැඳින්විය හැකිය.

Vanilla extract – Coffee

ඔබ vanilla latte drinker පානය කිරීමට ඇලුම් කරන්නෙක් නම් සීනි නිසා ඔබගේ කැමතිම රසය අහිමි කර ගැනීමට වුවමනාවක් නැත. වැනිලා යනු එක් රසයක් පමණි එනම් එය සීනි නොවේ. එමනිසා වැනිලා ස්වල්පයක් කෝපි වීදුරුවට එක්කිරීමෙන් කිසිම අහිතකර තත්වයක් නැත. ඒවගේම Vanilla extract වල කැලරි සහ සීනි ප්‍රතිශතය 0% කින්, (වැනිලා සිරප් එකක කැලරි 80 ක් සහ සීනි ග්රෑම් 20 ක් ද අඩංගු බව සැලකිලිමත් වන්න). පළමුව ස්වල්පයක් එක්කර පසුව ඔගේ රසයට අනුව වෙනස් කරන්න.

Nutmeg – Coffee

තේ හැඳි බාගයක් පමණ මෙය ඔබගේ පානයට එක් කිරීම මගින් ඔබ සොයන එක් උනුසුම් රසය විඳගැනීමට හැකියාව ලැබෙනු ඇත. විශේෂයෙන්ම කුරුඳු හෝ කරදමුංගු ස්වල්පයකුත් එක් කරනවා නම් රසය තවත් වැඩි කරගත හැක. කුළු බඩු මිශ්‍රව කෝපි වීදුරුවක් සාදාගැනීම සඳහා කුරුඳු  හා nutmeg ඉසීමට සහ කෝපි බීජ ඇඹරීමට පෙර කරදමුංගු ස්වල්පයක් එක් කරන්න. එසේත් නැත්නම් අනෙකුත් කුළුබඩු සමගද මෙය මිශ්‍ර කිරීම අවාසියක් ගෙන දෙන්නේද නැත.

Columbia University එකට අනුව මෙය තේ හැඳි 2 කට වඩා හෝ මේස හැඳි 2 කට පමණ ගැනීම මගින් මරිජුආනා මෙන් තත්වයක් ඇතිවෙන අතර එමගින් ඇතිවන අතුරු ආබාධ ලෙස ඔක්කාරය සහ හදවතේ පෙන ඇතිවීමේ ඉඩකඩද ඇති බව සැලකිලිමත් වන්න.

Ground Coconut Flakes – Coffee

ඉතින් මෙම coconut flakes එක් කර ඔබ ගිම්හාන කාලයේ විඳින සුවයක් මෙන් කෝපි වීදුරුව රස විඳින්නට අමතක නොකරන්න (නිදසුනක් ලෙස Organic Shredded Coconut හැඳින්විය හැක). මේවා කෝපි බීජ අඹරන විටම එක් කිරීම වැදගත් වන අතර එක් වීදුරුවකට එක තේ හැන්දක් යෝග්‍ය වේ. (අයිස් කල කෝපි වලට කැමතිද.? එසේනම් මෙන්න ඔබගේ කැමතිම පානය රසකර ගැනීමට වටිනා ක්‍රම 6ක්)

Coconut flakes යනු ඔබගේ මග් එකට පොල්තෙල් එක් කිරීම වෙනුවටද හොඳ විකල්පයකි. ඒවගේම මෙම පොල් තෙල් වල ඇති අධික මේදය නිසා එය ගැනීම අවම කිරීම වැදගත් බවටද  American Heart Association විසින් අවවාද කරයි.

දොඩම් යුෂ – Coffee

මේ සඳහා විශේෂ ප්‍රණාමය හිමි වන්නේ ඇරිසෝනා ප්‍රාන්තයටයි. පසුගිය වසරේ මෙහි espresso සමග එක් කල දොඩම් යුෂ වලින් පිරී ඉතිරී යන්නට විය. (මීට ප්‍රධාන හේතුව විය හැක්කේ ඇරිසෝනා ප්‍රාන්තය සිට්‍රස් අඩංගු පලතුරු බහුලව හදන නිසාවෙනි). එනම් මෙම අමුතු සංයෝගය විවිධ කඩවලට විවිධ නම් වලින් යාම සුලභවැ දැකිය හැකි දෙයකි.

මෙයට හේතුවනම් දොඩම් යුෂවල ස්වභාවික සීනි අඩංගු අතර එහි මිහිරි බව මගින් espresso එක තවත් දීප්තිමත් කිරීමයි. තවද මෙම දොඩම් යුෂ වීදුරුවකින් 3/4 ක් ගැනීම මගින් පමණක්ද ඔබගේ විටමින් C අවශ්‍යතාව 155% කින් වැඩි කිරීමක්ද සිදු කරයි. ඔබ මෙම දොඩම් යුෂ espresso එකත් සමග එක් කිරීමට එතරම් කැමැත්තක් නැත්නම්, දොඩම් ලෙල්ලක කැබැල්ලක් හෝ ඔබට වීදුරුවේ කොනකින් ගැසිය හැකි අතර නැත්නම් ඉන් යම් බින්දු දෙකක් වැනි ස්වල්පයක් හෝ දමා ඔබට එම රස අත්විදීමට හැකියාව ඇත.

ඉතින් මෙම රසයන් 6න් එකක් යොදා ගැනීමෙන් ඔබගේ දවස සවිමත් කරගන්න.

මෙවැනි ලිපි දිනපතා කියවන්න එන්න Well.lk වෙබ් අඩවිය වෙත, අගනා ලිපි රැසක් තව ඉදිරිපත් කිර්‍රිමට නියමිතයි. එවා එසැනින් දැනගැනීමට අපගේ Facebook පේජ් එකට Like එක්ක දාන්න.

ඔබගේ කෝපි වීදුරුව සීනි රහිතව රසකර ගත හැකි ක්‍රම 6ක්

What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

හිරුවාරදය – Migraines Overview