ව්‍යාපාර ලෝකයේ හිනිපෙත්තටම නැගි උත්සාහවන්තයින් ගෙන් උපදෙස් කිහිපයක්

ඔබගේ වෘත්තීය ජීවිතය ජයගන්න

වෘත්තීය ජීවිතය ජය ගැනීමට යන ගමනේ, බොහෝ දෙනා ඔවුන්ගේ පා සටහන් තබමින් යන්නේ අනෙක් අයටද ජය ගැනීමට අවස්තාවක් සලසා දීම සදහා ය. මෙලෙස ඔබගේ වෘත්තීයේ ඉහලටම නැගීමට අවශ්‍ය පළමු සාධකය වන්නේ, තමා, තමන් පිලිබඳ හොදින් දැන සිටීමයි. ජයග්‍රණයට යන මාවතේ, ඔබට ආත්ම විනය යන්න තිබිය යුතුය. ඔබ පිළිපැදිය යුතු උපදෙස්, හරියාකාරව පිළිපැදීම ඔබගේ යුතුකම වේ. ඔබට ඔබගේම කියා ආයතනයක් ආරම්භ කිරීමට හෝ ඔබගේ සේවා ස්ථානයේ ඉහලටම යාමට පහත සාධක උපකාරී වේ.

01. ආත්ම අවබෝධය – Self-knowledge is the foundation.

 Career advice from those who have climbed up the corporate ladder 1
ඔබ, ඔබට අවශ්‍ය කුමක්ද යන්න නොදන්නේ නම් ජයග්‍රහනය කරා යන මාවත ඉතා කටුක විය හැකිය. බොහෝ විට එය අනෙක් අයට ජයග්‍රහණයක් ලෙස පෙනුනද ඔබට එලෙස නොවීමටද ඉඩ ඇත. අතීතයේ බොහෝ දාර්ශනිකයෝද ආත්ම අවබෝධය තුල ඇති වැදගත්කම පිලිබඳ පවසා ඇත. බොහෝ සාර්ථක ව්‍යාපාරිකයින් ඔවුන් තුල අතු ආත්ම අවබෝධය තම සාර්කත්වයට මගක් ලෙස සකසා ගෙන ඇත. – Best Career Advice
  •  කැනඩාවේ රාජකීය බැංකුවේ සභාපති කිම් අල්මර් පවසන පරිදි ඔහුගේ වෘත්තීය ජීවිතයේදී, ඔහුගේ උපදේශකයින්ගේ ඔවදන් ඔහුට ඔහුව වඩාත් හොදින් අවබෝධ කරගැනීමට උපකාරී වී ඇත.
  • “මම කිරීමට කැමති මොනවාද, මාගේ හැකියාවන් මොනවාද” යන ප්‍රශ්න වලට පිළිතුර හැබෑ යමින් ආත්ම අවබෝධයක් ඇති කර ගැනීමේ පිළිවෙතක් ටාගටික් ආයතනයේ කළමනාකරණ අධිපති ඩේව් කසාබියන් භාවිතා කරයි
  • StrengthsFinder 2.0 යන පද්ධතියද ආත්ම අවබෝධය වැඩි කරගැනීමට උපකාරී වෙයි. මයිකල් හයට් තමන් පිලිබඳ අවබෝධය වැඩි කරගැනීමට මෙය භාවිතා කර ඇත
ආත්ම අවබෝධය ආරම්භ වන්නේ තමන්, තමන් මුහුණදුන් හොද සහ නරක අත්දැකීම් පිළිබද නැවත සිතා බැලීමෙනි. ඔබ ගිය සතියේ ලැබූ හොද සහ නරක අත්දැකීම් මොනවාද? එයින් ඔබ සතුටු වූවේ කිනම් ක්‍රියා වලින්ද? මෙලෙස සිතීමෙන් ඔබට ඔබ පිලිබඳ අවබෝදය තවත් වැඩිකරගත හැක.   – Best Career Advice

02. නොනවතින කුතුහලය – Curiosity is powerful.

 Career advice from those who have climbed up the corporate ladder 1
සියල්ල පිලිබඳ කුතුහලයකින් පිරි මනසක් තිබීමෙන් ඔබට ඔබගේ සේවා ස්ථානයේ ඇති ඉගෙනීමට ඇති අවස්ථා වලින් ප්‍රයෝජන ගත හැක. මෙතෙක් ඉගෙනගෙන ඇති දේ ප්‍රායෝගිකව කිරීමටද, අලුත් දේ ඉගෙනගනීමටද ඔබගේ උනන්දුව අත්‍යාවශ්‍ය වේ. ඔබ නායකයෙකු නම්, ඉගෙනීමට ආශාව සමග ඔබ යටතේ සිටින අයව ඉගෙනීමට පෙලෙබවීමටද ඔබට හැකියාව තිබිය යුතු වේ
  • Global Integrated Services හි සභාපති වන රිචාර්ඩ් ක්රෝව්ෆෝඩ් සෑම වසරකදීම යම් හෝ අලුත් දෙයක් ඉගෙනීමට පාඨමාලාවක් කරයි
  • අල්මර් සාමාන්‍යයෙන් ව්‍යාපාර ලෝකයේ වන වෙනස්කම් පිළිබද අවධානයෙන් සිටින අතර ව්‍යාපාරිකයින් සමග නිතරම සාකච්ජා වල යෙදෙයි
  • බොහෝ ව්‍යාපාරිකයින්, ව්‍යාපාරික ලෝකයේ වෙනස්කම් සහ නව සොයාගැනීම පිලිබඳ බොහෝ පොත් පත් කියවීමෙන් අවබෝදයක් ලබාගනී
  • තමා වටේ සිටින අයගෙන් බොහෝ දේ ඉගෙනීමෙන් තමාට ව්‍යාපාරික ලොවේ ජයගැනීමට හැකි වූ බව චිත්‍රපට නිෂ්පාදක බ්‍රයන් එඩ්ගා පවසයි

04. ඔබගේ උපදේශකයන් සහ ඔබව ජයග්‍රහණය සදහා පොලොබවන අය සමග සිටින්න – Mentors provide new perspectives and better questions.

 Career advice from those who have climbed up the corporate ladder 1
බොහෝ ජයග්‍රාහී ව්‍යාපාරිකයින් ඔවුන්ගේ ජයග්‍රහණයට හේතුව ලෙස දක්වන්නේ ඔවුන්ගේ උපදේශකයින් සමග ඔවුන් ගත කල කාලයයි. මෙවැනි කතා බස් වලින් බොහෝ දේ පිලිබඳ අවබෝදයක් ලබා ගත හැක
  • තමන්ගේ ව්‍යාපාරික ජීවිතයේ තමාට බොහෝ උපදේශකයින් සිටි බවද, ඔවුන්ගේ උපදෙස් තමන්ට තීරණ ගැනීම පිලිබඳ බොහෝ දේ ඉගැන් වූ බවද අල්මර් පවසයි.
  • සාවා – “මාගේ බොහෝ අතපසුවීම් වලට හේතු වූයේ වැරදි සන්නිවේදනයයි. මෙය මා හට පෙන්වා දුන්නේ මාගේ උපදේශකයෙකු වූ මාගේ කළමනාකාරුයි.”
  • ඔහුට ඔහුගේ උපදේශකයෙකු දුන් ඔවදනකට අනුව අවුරුදු පහකට පසු ඔහු සිටීමට කැමති ස්ථානය පිළිබද අවධානයෙන් සිතීමෙන්, බොහෝ ප්‍රතිලාභ අත් වූ බව කසාබියන් පවසයි.   – Best Career Advice

05. ඔබ වටා සිටින අය ඔබගේ ජයග්‍රහණය තහවුරු කරයි –  Keep the right company to achieve your goals.

 Career advice from those who have climbed up the corporate ladder 1
ඔබ, ඔබ වටා සිටින පස් දෙනාගේ සාමාන්‍යය වේ, යන්න සත්‍යයකි. ඔබ වටා සිටින අය, ඔබට ඔබ පිලිබඳ දෙන හැගීම ඔබට ජයග්‍රහණය හෝ පරාජය කරා ලංවීමට උපකාරී වෙයි.  – Best Career Advice
  • තරුණ විධායකයින්ගේ සංගමයට එක්වීම ඔහුට බොහෝ වාසිදායක වූ බව ක්‍රෝෆෝඩ් පවසයි
  • ඔබ සහභාගී වන සංවිධාන පිලිබඳ ඉතා විමසිල්ලෙන් සොයා බැලිය යුතු බව අල්මර් පවසයි.

ඔබ වටාත් සිටින්නේ ව්‍යාපාර ජීවිතයේ ජයගැනීමට ඔබට අත්වැල් දෙන අය ද?

What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

විවාහ දිනයේදී තම මනාලිය දුටු විට සිතට දැනුනු හැගීම්

නින්දෙන් ගෙරවීම ප්‍රශ්නයක් නම් මෙය කියවන්න