රතු වයින් වලින් මොලයට, හදවතට සහ සිරුරට ඇති ප්‍රතිලාභ

Benefits of Red Wine

ප්‍රංශයේ මෙම රතු වයින් බොහෝ ප්‍රදේශවල භාවිතා කරන අතර එමගින් ඔවුන්ට අනිත් පුද්ගලයන්ට සාපේක්ෂව හෘදයාබාධ වැනි භයානක රෝග වලින් ආරක්ෂා වී ඇති බව ඔබ දන්නවද?  තවද මෙමෙ මිනිසුන් අනිත් රටවල් වලට වඩා අවදානම් වැඩ වල නිරත වන එවන් ජීවන තත්වයක් ඔවුන් ගෙනියන  බවටද සාක්ෂි තිබේ. එමනිසා අධ්‍යනයක්  මගින් මෙම රතු වයින් මගින් විශාල ප්‍රතිලාභරැසක් ගෙන දෙන බවට දැනටමත් තහවුරු වී අවසන්ය.

රතු වයින් වල ඇති ප්‍රතිලාභ පිලිබඳ කතා කිරීම එතරම් අලුත් දෙයක්ද නොවේ. පළවැනි ස්කෝර්පියන් රජුගේ ගුහාව තුල හර්වර්ඩ් විශ්ව විද්‍යාලය මගින් කල පරීක්ෂනකදී එහි තිබී ඖෂධීය ශාක වලින් සමන්විත වයින් සොයා ගෙන ඇති අතර මෙය ක්‍රි.පූ 3150 දක්වාද අතීතයක් ඇති බවට නිගමනය කර ඇත. පාරාවෝ යටතේ මෙම රටේ තිබු එක්සත් භාවයට මෙම ඖෂධීය වයින් වලින් මහත් මෙහෙයක් වූ බවට පරීක්ෂකයනේගේ මතයයි. මෙම වයින් තුල ඖෂධීය ශාකසාර, බාම්, තයිම්, මින්ට්, සේජ්, ජුනිපර් බෙරි, මී පැණි සහ ෆ්රන්කින්සන් ද අඩංගු වේ.එනම් මෙම වයින් භයානක රෝග වලින් වැළකීම සඳහාද , ජීර්ණයට උදව් වන හේතු සාධකයක් වශයෙන්ද සහ හර්පීස් වලටද භාවිත කරයි.

අතීතයේදී අපේ මුතුන් මිත්තන් විසින් මෙම වයින් රෝගාබාධ සුව කිරීම සඳහා යොදා ගෙන ඇති නමුත් මෑත දශක කිහිපයකම කල පරීක්ෂනවලින් තහවුරු වී ඇත්තේ මෙම රතු වයින් හදවතේ නිරෝගීභාවයට, ප්‍රජනන ක්‍රියාවලියට, ඔක්සිකාරක ආතතියට යහපත් වන බව සහ රුධිරයේ ඇති සීනි ප්‍රමානයද පාලනය කිරීමේ හැකියාව ඇති බවත්ය. මෙය කුඩා ප්‍රමාණයෙන් භාවිතා කරන විට සුපිරි ආහාරයක් ලෙසද හඳුන් වන අතර එනම් ක්වෙසටින් සහ රෙස්සැරටෝල් මෙන් ප්‍රබල ඔක්සිකාරකද අඩංගු වේ. එනම් මෙහි ඇති ප්‍රතිලාභ ප්‍රමාණය පිලිබඳ අමුතුවෙන් කිව යුතු වන්නේද නැති තරම්ය.

රතු වයින් වල ඇති හොඳම ප්‍රතිලාභ 6

01.හදවතේ නිරෝගීකම වැඩි දියුණු කරයි

මෙම රතු වයින් වල ඇති සංයෝග වන පොලිෆෙනොල් සහ ක්වෙසටින් හෘදය ආශ්‍රිත රෝග සඳහා ආරක්ෂණ ගුණාංග වලින් සමන්විත වේ. එනම් හරස් පැතිකඩ නිරීක්ෂණවලින් සහ අනෙකුත් විවිධ පර්යේෂණ වලින් වුවද තහවුරු වී ඇත්තේ  මෙම රතු වයින් හෘද රෝග සඳහා වඩාත් යෝග්‍ය බවයි.

මෙම රතු වයින් මගින් ආතරෙස්ලොරයිසිස් නම් තත්වය පාලනය කිරීමෙ (උදාසීන) හැකියාවද ඇති බව පරීක්ෂනවලින් හෙළිවී ඇත. මෙම තත්වය රුධිර වාහිනී වල මේදය හට ගැනීම සහ අටරි බිත්තිවල ඇතිවන කොලෙස්ටරෝල් තත්වයත් සමග ඇතිවන්නකි. International Journal of Molecule Medicine නම් ජර්නලය මගින් මෙම රතුවන් මගින් හෘද ස්පන්ධනයද පාලනය කරන බව පෙන්වා දී ඇති අතරම රතු වයින් නොගන්නා හෝ අධික ලෙස භාවිතා කරන්නන්ගේ මෙම ස්පන්ධන ක්‍රියාවලිය ඉතාමත් අවධානමකට ලක් වීමකට ඇති ඉඩකඩද වැඩි බව පෙන්වා දෙයි.

රෙස්වරටෝල් වල ඇති ප්‍රතිලාභ පිළිබඳවද ඕනා තරම් සාක්ෂි ඇත, එනම් මෙමගින් ප්‍රධානව හෘද සෛල වල සිදුවීමකට හැකි පටක හානි වීම්, රුධිර පට්ටිකා වර්ධනය වීම වැලැක්වීම , ට්‍රිග්ලිසරීඩ් සහ කොලෙස්ටරෝල් සමුච්චනය වීමද වැලක්වීමට හැකියාව ඇත. තවත් කරුණක් නම් මෙම රෙස්වරටෝල් වලට කිරීටක ධමනි ලිහිල් කිරීමේ හැකියාවද ඇත.

රතු වයින් වල ඇති තවත් වැදගත් ෆ්ලෙවොනොයිඩ් එකක් නම්, ක්වෙසටින් ය. මෙමගින් රුධිර සංසරණය ක්‍රමවත් කරන අතර ඒවගේම දැවිල්ල ස්වභාවය අඩු කිරීමටද ඔක්සිකාරක ආතතිය සැදීම වලක්වීමද සිදු කරයි.

2. කොලෙස්ටරෝල් වර්ධනය

European Journal of Clinical Nutrition මගින් කල අධයනයකට අනුව HDL කොලෙස්ටරෝල් වල වර්ධනයත් සමග වයින් පරිභෝජනහි සම්බන්ධයක් ගෙනහැර දක්වන්නට විය. එනම් මෙමගින් , මෙම HDL ප්‍රතිෂතය 11-16% දක්වා විෂයන් වූ රෝගීන් ගේ දක්නට ලැබුණි.

ඕස්ට්‍රේලියාවේ කර්ටින් විශ්ව විද්‍යාලය මගින් කල තවත් අධ්‍යනයක් මගින් රතු වයින් ක්‍රමවත්ව ගැනීම හරහා හෘදයාබාධ වල අවධානම අඩු කිරීමට හැකි බව පෙන්වීය. එනම් 8% කින් LDL කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම සහ 17% කින් HDL කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීම මගිනි.

3. නිදහස් අණු හා සටන් කිරීම

නිධන්ගත රෝග, ඉබේ හට ගන්නා රෝග, පිළිකා, ආතරයිටිස්, හෘද රෝග සහ ස්නායු සම්බන්ධ රෝග වලට මෙම නිදහස අනු ප්‍රධාන හේතු සාධකයක් වේ. රතු වයින් වල ඇති ඔක්සිකාරක මගින් නිදහස් අනු පිරිසිඳු කරන්නෙක් ලෙස කටයුතු කරමින් ඔක්සිකාරක ආතතිය මැඩලීමේ හැකියාවද පවතී. මෙම ඔක්සිකාරක මගින් සිරුරේ ප්‍රතිශක්තීකරණ ශක්තිය වැඩි කරන අතර බරපතල රෝග සාධක බොහොමයකින්ද වලක්වා ගැනීමට සමත්කම ඇත.

මෙම අණු හා සටන් කිරීමේ හැකියාව නිසාම, වයින් වල ඇති රෙස්වරටෝල් වලට පිළිකා සැදීමේ එම පියවරයන් වැලක්වීමේ හැකියාවද මොලේ ඇතිවන ගෙඩි වල එම තත්වයන් මුදවාලීමටද හැකියාව අත්වේ.

4. දියවැඩියාව පාලනය කරයි

රුධිරයේ සීනි මට්ටම් පාලනය කිරීමෙහිලා දියවැඩියා රෝගීන්ගේ සහභාගීත්වය මත Massachusetts Amherst විශ්ව විද්‍යාලය මගින් කල පරීක්ෂණයක් මගින් , රතු වයින් වලට කුඩා බඩවැල හරහා ග්ලුකෝස් ඇතුල් වීම මන්දගාමී කිරීමේ සහ අස්වානයේ දී එය රුධිර යට එක් වීමද අවම කිරීමේ හැකියාව ඇති බව පෙන්වා දෙන්නට විය. එනම් මෙම රතු වයින් නිසි ලෙස පරිභෝජනය කරන්නේනම් එය දියවැඩියාව පාලනය කිරීමේ ආහාර සැලස්මකටද එක් කල හැකි බව තවත් විග්‍රහ කරයි.

ග්ලුකෝස් අවශෝෂණය කිරීමෙහිලා එන්සයිම ක්‍රියා කරන ආකාරය පිළිබඳව මෙම රතු සහ සුදු යන දෙවර්ගයේම වයින් පරීක්ෂණයට ලක් කර ඇත. මෙහිදී සුදු වයින් මගින් එන්සය්ම 20% කින් ද රතු වයින් 100% කින්ද නිශේධනය කිරීමට සමත් වූ අතර, රතු වයින් වඩාත් යෝග්‍ය බව නිරායාසයෙන්ම තහවුරු විය. සුදු වයින් වලට වඩා 10 ගුණයකින් වැඩි පොලිෆීනලික් රතු වයින් වල අඩංගු නිසා එහි ඇති ඵලදායිතාවය වැඩි බව හොඳින් පෙනේ.

මීට අමතරව මෙම පරීක්ෂනයෙන් සොයා ගත් තවත් දෙයක් නම්, දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිකාර වල ඇතිවන අතුරු ආබාධ වැලැක්වීම ට සහ පිෂ්ඨය අවම කිරීමට යොදා ගන්න පැන්ක්‍රියාටික් එන්සයිමයට මෙම රතු වයින් වලින් කිසිදු බලපෑමක් නොවන බවයි.

5. තරබාරු කම නැති කරයි

Purdue විශ්වවිද්‍යාලය මගින් කල පරීක්ෂණයකින් මෙම රතු වයින් මගින් තරබාරු කම වලක්වන වන බවට සොයා ගෙන ඇත. මෙහි ඇති  piceatannol එනම් resveratrol හා සමාන රසායන ව්‍යුහයක් ඇති සංයෝගය මිදී , බ්ලුබෙරි හා පැෂන්න්ෆ්රුට් වල ඇති බව සොයා ගැනීම නිසාය.

මෙම සංයෝගය මගින් මේද සෛල වර්ධනය අවම කරයි. තවද ජානවල පරිවෘර්තීය ක්‍රියාවලියත් සමග ජාන වල ප්‍රතිචාර කාලය, ඉන්සියුලීන් සහ ජානවල ක්‍රියාකාරිත්වය වෙනස් කිරීම ද කරනු ලබයි.

මෙම සංයෝගය ඇති විට සම්පූර්ණ adipogenesis නිශේධනයක් දක්නට ලැබේ. එනම් සෛල සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියයි. මෙම ක්‍රියාවලියේ ආරම්භයේදීම මේද සෛල විනාශ කිරීමේ හැකියාව මෙම සංයෝගයට ඇති නිසා එය තරබාරු කම වැළක්වීමේහිලා වඩාත් ඵලදායී වේ.  මෙය සිදු කරන්නේ සෛලවල ඇති ඉන්සියුලීන් ප්‍රතිග්‍රාහක සමග ඝට්ටනය වී එමගින් සෛල චක්‍රය පාලනය කිරීමට ඇති ඉන්සියුලින්වල ඇති හැකියාව වලක්වීමෙනි. තරබාරු වීමෙදී පසු පියවරයන් වල ජාන ක්‍රියාකාරීත්වයද මෙමගින් වැළක්වීමේ හැකියාව ඇත.

6. ඇල්සෙයිමර්ස් රෝගයෙන් වැලකීමට  සඳහා උපකාර වේ

පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා,  Mediterranean diet එකක් එනම් රතු වයින්, එළවලු, ධාන්‍ය , පලතුරු, මාළු සහ ඔලිව් තෙල් පරිබෝජන කරන පුද්ගලයන්ට 285 කින් පමණ mild cognitive impairment  තත්වය වර්ධනය වීමේ අවධානම අඩු කර ගත හැකි බවයි. ඒවගේම 48% කින් Alzheimer රෝග තත්වයට යාමේ අවධානමද අඩු කර ගත හැක.

තවද මෙම රතු වයින් Alzheimer රෝග තත්වය  වැළක්වීමේ පියවරක් සහ ස්වභාවික ප්‍රතිකර්මයක් ලෙසද පරීක්ෂණ සිදු කර ඇත. Frontiers in Aging and Neuroscience මබින් කල පර්යේෂණයක් මගින්,  resveratrol  මගින් Alzheimer රෝග තත්වයහි ප්‍රධාන ලක්ෂණ පාලනය කිරීමක්ද   dementiaවර්ධනය වීමද අඩු කරයි. මෙ සඳහා ප්‍රධානව හේතු වන්නේ resveratrol වල ඇති ඔක්සිකාරක ආතතිය සහ දැවිල්ල අඩු කිරීමේ හැකියාව නිසාය.

රතු වයින් වඩාත් වලින් වඩාත් ප්‍රතිලාභ ගැනීමටනම් මෙම අමුද්‍රව්‍ය භාවිත කරන්න

රතු වයින් සැමවිටම antioxidants , flavonoids, quercetin සහ  resveratrol සමන්විත වේ. මෙම ප්‍රතිඔක්සිකාරක මගින් සිරුරේ බොහොමයක් ක්‍රියාවලි ඔසවා තැබීමට උදව් වන අතරම  හෘද නිරෝගී බව වර්ධනය කිරීමට ද හැකියාවක් ඇත. පාරිසරික ආතතියට සහ සෛලීය වර්ධනයට හේතු වන ශාක වල ප්‍රධාන කාර්යයන් රැගෙන යන polyphenolic සංයෝගයේ ප්‍රධාන ඛණ්ඩයක් ලෙස  Bioflavonoids සැලකිය හැක. ඒවගේම  quercetin යනු රතු වයින් වල ගැබ් වී ඇති හොඳම flavonoid වලින් එකක් ලෙසද හැදින්විය හැක.

ආහාර වේලක අඩංගු ප්‍රතිඔකිකාරක බහුලම දෙයකි මෙම quercetin . ඒවගේම මෙයට නිදහස් අණු හා සටන් කිරීමටද වයස් ගත වීම සහා දැවිල්ල යන කාර්යන් වලට ද විශාල බලපෑමක් සිදු කරයි. මෙම quercetin  වලට පහත සඳහන් පරිදි රෝග තත්වයන් රැසක් පාලනය ඉකිරීමට උදව් කිරීමේ හැකියාව ඇත.

  • හදවත් රෝග
  • ආසාධන
  • තෙහෙට්ටුව
  • ආතරයිටිස්
  • ආසාත්මිකතා
  • රුධිර වාහිනී ගැටළු
  • සංජානනය වීම
  • ඇස් ආශ්‍රිත ආබාධ
  • අධි කොලෙස්ටරෝල්
  • සමේ රෝග
  • පිලිකා
  • උදර රෝග
  • දියවැඩියාව
  • රුදාව

රතු වයින් වල ඇති ප්‍රතිලාභ සඳහා මෙම quercetin විශාල මෙහෙයක් සිදු කරයි. තවද චොකොලට් වල සහ ඇපල් වල ඇති procyanidins නම් flavonoid එකද මෙම රතු වයින් වල අඩංගු වේ. පරීක්ෂනවලට අනුව මෙයට ද ප්‍රබල ප්‍රතිඔකිකාරක හැකියාවක් ඇති අතර ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය සඳහා මහත් රුකුලක් වේ.

Resveratrol යනු තවත් එවැනිම රතු වයින් වල හමුවෙන polyphenic bioflavonoid ප්‍රතිඔකිකාරකයකි. එය  phytoestrogen ලෙස ඛාන්ඩ කර ඇත මන්ද එය estrogen ප්‍රතිග්‍රාහක සමග හොඳින් ක්‍රියා කරන බැවිනි. මෙය හදවත් රෝග , තරබාරුකම, සංජානනීය පිරිහීම, නිදහස් අනු හාද සටන් කිරීමේ හැකියාව ඇති ප්‍රබල සහ ශක්තිමත් ලෙසද හැඳින්වෙයි.

ශාක විසින් මෙම resveratrol ආරක්‍ෂිත යාන්ත්‍රණයක් ලෙස නිපදවන අතර  විකිරණ, තුවාල සහ දිලීර අසාධන වැනි ආතතිය ඇති පුද්ගලයන්ගේ පරිසර තුලද ප්‍රතිචාර දැක්වීමක් කරයි.

රතු වයින් යනු මිදී යුෂ මත් පැන් වලට හැර වීමේදී පැසවීමේ ක්‍රියාවලියට යොදා ගන්නා ප්‍රබල ප්‍රභවයකි. රතු වයින් නිෂ්පාදනය කරන විට, මිදී යුෂ වල මිදී බීජ සහ පත්‍ර පැසවීම සිදු කරයි. එනම් මෙමගින්  resveratrol සඳහා ධනාත්මක බලපෑමක් ද සිදුවේ.

මෙම  resveratrol තරුණ බව ගැනීමට හා සුව කිරීම් කටයුතු වලට භාවිත කරයි. එනම් පරීක්ෂණවලින් හෙළිවී ඇති කරුණු නම්,

  • ඔක්සිකාරක ආතතියත් සමග සටන් කිරීම
  • සෛල හා පටක නිරෝගී කිරීම
  • පිළිකා වලින් ආරක්ෂා කිරීම
  • සංසරණය වර්ධනය කිරීම
  • ප්‍රජනන සෞක්‍ය නිරෝගීමත් කිරීම
  • නොමේරූ වයස් ගත වීමෙන් වැලැක්වීම
  • සෞඛ්‍ය සම්පන්න ජීර්ණයට උදව් වීම
  • විශ්වාසය සහ ශක්තිය වැඩි කිරීම
  • දියවැඩියාවෙන් වැලක්වීම / පාලනය

රතු වයින් සහ සුදු වයින්

වයින් පරිබෝජනය බියර් සහ මත්පැන් සාපේක්ෂව වැඩි ප්‍රතිලාභ ගෙන දෙන බවට පරීක්ෂණවලින් වුවද අනාවරණය වී ඇත. අවුරුදු 30-70 අතර පුද්ගලයන් 13000 ක් පමණ යොදා ගෙන වසර 10 ක් 12 ක් තිස්සේ යම් අධ්‍යනයක් කරන්නට විය. මෙහිදී බියර් සහ මත්පැන් පානය කරන්නන් හැරෙන්නට වයින් පානය කරන්නන්ගේ මරණ අනුපාතය සමග ප්‍රති විරෝධී සම්බන්ධයක් තිබෙන බවට අනාවරණය විය. එනම් යම් අයෙකු වයින් පරිභෝජනය කලේ අඩුවෙන්ද, ඔහුගේ /අයගේ මරණයට ඇති අවධානම සාපේක්ෂව වැඩි බව නිගමනය වන්නට විය. ඒවගේම බියර් පානය කිරීම මරණය සඳහා කිසිදු බලපෑමක් විසු නොකෙරූ අතර අනෙකුත් මත් පැන් පානය කිරීම අවධානම වැඩි කිරීමටද හෙතු විය.

ඉතින් මෙවැනි අධ්‍යන මගින් වයින් පානය කිරීම ප්‍රතිලාභ රැසක් ගෙන දෙන බවට පවසන්නේ නම් , තව දුරත් ඔබ පානය කරන්නේ රතු වයින් ද සුදු වයින් ද යන්න ගැටලුවක්ද ? එනම් ප්‍රධානම දෙයක් නම් ප්‍රතිඔක්සිහාරක රතු වයින් වල ඇති විශේෂත්වයයි. මෙම ප්‍රති ඔක්සිහරක සංයෝග මිදී පත්‍ර වල ගැබ් වී ඇති අතර සුදු වයින් නිෂ්පාදනය කිරීමේදී මෙය ඉවත දමයි. කෙසේ වෙතත් මිදී වල මදයේ ද මෙම ප්‍රතිඔක්සිහාරක අඩංගු අතර එම නිසා සුදු වයින්වලද ප්‍රතිඔක්සිකාරක සැලකිය යුතු ප්‍රමාණයක් දක්නට ලැබෙන නමුත් රතු වයින් වල එය ඉතාමත් වැඩිය.

එතනෝල් යනු රතු වයින් වල 8-15% පමණ අඩංගු තවත් සංයෝගයකි. කොලෙස්ටරෝල් සංයුතිය වෙනස් කිරීම, සරල සමබරතාව අඩු කිරීම, පරිවෘර්තීය එන්සයිම ක්‍රියා කරවීම සහ හිතකාමී ඔක්සිහාරක බලපෑම් වලින් සැමන් විත වන අතර මෙවැනි බොහෝ කාර්යයන් මෙම එතනෝල් වල සතුව ඇත. රතු වයින් වල ඇති polyphenols  මගින් මෙම ඔක්සිකාරක බලපෑම් මැඩලීමේ හැකියාව ඇති අතර ඔක්සිකාරක ආතතියද අවම කරයි. නමුත් සුදු වයින් වලින් ඉහත ප්‍රතිපලයම ගත නොහැකි බව ද දැනුවත් වේම වැදගත්ය මන්ද සුදු වයින් තිළ ෆිනලික් සංයෝග හිඟ කම නිසාය.

රතු වයින් පානය කිරීම අවම කිරීම

වයින් වැඩියෙන් පානය කිරීම මගින් ප්‍රතිලාභ ගැන දීමද වැඩි නොවන බවට දැනුවත් වීම ප්‍රයෝගික වේ. රතු වයින් වල ඇති එම සෞඛ්‍යමත් ගුණාංග වලට අමතරව මත්පැන් යනු ඔබගේ මොළයට විෂ හා අක්මාවට හානි දායක දෙයකි. එනම් ප්‍රමාණයකට ගැනීම මගින් ප්‍රතිලාභ ගෙන දෙනවා මෙන්ම පමණට වඩා ගැනීම මගින් ඔබගේ ඉන්ද්‍රීයන් හානි කිරීමටද හැක. ඉතාමත් බාල වයින් පානය කරන පුද්ගලයන් නැත්නම් ගුණයෙන් ඉතා අවම වයින් පානය කරන්නන් මේ පිලිබඳ දැනුවත් වීම වඩාත් වැදගත් වේ.

නව අධ්‍යන මගින් මත්පැන් භාවිතය සහ පියයුරු පිලිකා අතර ඇති සම්බන්ධතා සොයා ගෙන ඇත. වසර 5 ක් තිස්සේ කල පරීක්ෂණයකින් අධික ලෙස මත්පැන් වලට ඇබ්බැහිවූ කාන්තාවන්ට මෙම පියයුරු පිළිකා සෑදීමේ අවධානම වැඩි බව ඩෙන්මාර්ක් පරීක්ෂකයන් විසින් අනාවරයා කර ඇත. නිදසුනක් ලෙස කාන්තාවක් වසර 5 ක් තිස්සේ දවසට 2 වතාවක් මත්පැන් භාවිත කරන්නේනම් , ඇයට තිබෙන පියයුරු පිලිකා අවධානම මත්පැන් ගන්න කාන්තාවක් මෙන් 30 ගුණයකින් වැඩි වේ. එම අධ්‍යනයෙන්ම තහවුරු වූ කරුණක්නම්, වැඩියෙන් පානය කරන කාන්තාවන්ගේ හෘද රෝග සැදීමේ අවධානම 20% කින් අඩු විය. මෙහිදී පර්යේෂකයන් තවදුරත් කියා සිටියේ රතු වයින් වලින් පියයුරු පිළිකා අවධානම වැඩි කරන නිසා හදවත් රෝග වලින් වැළකීම සඳහා වෙනත් ක්‍රම භාවිත කරන ලෙසය. දිනපතා ව්‍යයාම් කිරීම, හොඳ ආහර වේලක් ගැනීම සහ ආතතිය පාලනය කිරීම මේ අතර වේ.

තවත් මෙම රතු වයින් පානය කිරීම අවම කිරීමට බලපාන කරුණක් නම් සුවඳ විලවුන් සහ ස්ථායීකරකයන්ය. එනම් මේවා වයින් වල රසකාරකයක් සහ කල් තබා ගැනීම සඳහා කෘතිමව භාවිත කරයි. අනෙත් කරුණ වයින් නිෂ්පාදකයන්ට යොදා ගත් අමුද්‍රව්‍ය සඳහන් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවයකුත් නොමැති නිසා ඔබට කිසිසේත්ම ඔබ පානය කරන්නේ කුමක්ද කියා හරියටම නිගමනයකට පැමිණීමට තරමක් අසීරුය.

සල්ෆයිට් සහ සල්ෆයිටින් පිරිසිඳු කාරකයක් සහ විෂබීජ නාශකයක් ලෙස වයින් වලට එක් කරයි. මෙම සල්ෆයිට් නිරවරණය කර තිබීම මගින් අහිත කර බලපෑම්ද හට ගැනීමේ ඉඩකඩ වැඩිය. මෙ අතර ඩර්මටෙසිස් , උදාර වේදනාව, පාචනය, ඇදුම සහ තවත් ජීවිත තර්ජන පවා ගෙන දෙන රෝගාබාධ ඇතිවිය හැක.

ප්‍රතිලාභ මගින් අවධානම වැඩි කරනවා නේද ?

රතු වයින් වල වාසි සහ අවාසි 2ම දක්නට ලැබෙන අතර නිවැරදි ක්‍රමය නම් එය පමණට ගැනීමයි එනම් දවසට එක් වීදුරුවක් ගැනීම ප්‍රමාණවත් වේ.

හෙළිව ඇති කරුණු අනුව පමණට පානය කරන්නන්ගේ කිරීටක ධමනි රෝග අවධානම ඉතාමත් අඩුය. එනම් මෙමගින් මෙම රතු වයින් කිරීටක ධමනි මෙන්ම තවත් බොහෝ හෘද සම්බන්ධ රෝග රැසක් වලක්වාගැනීමට ඉවහල් වන බව තහවුරු විය.

තවත් වැදගත් දෙයක් නම් ඔබ රතු වයින් පානය කරන්නේ හෘද රෝග වලින් ආරක්ශා වීමට පමණක් නම් , ඒ සඳහා මත්පැන් අඩංගු නැති වෙනත් ඕනා තරම් ක්‍රම ඇති බවද සැලකිලිමත් වීම වැදගත්ය.

රතු වයින් වලට අමතරව ඔබගේ දිවිය නිරෝගී කර ගැනීමට නම් (අවම දිනකට මිනිත්තු 30ක් හෝ ) එළවලු හා පලතුරු වලින් සපිරුණු හොඳ ආහාර වේලක් ගැනීම සහ දුම්බීම අත් හැරීම සහ ආතතිය පාලනය කර ගැනීම සඳහන් කල හැකිය.

 

Alcohol රහිත වයින් පිලිබඳ සිතන්නේ කුමක්ද ?

ඔබට මත්පැන් රහිත වයින් සද ගැනීමට අවශ්‍ය නම් , පළමුව ඔබ කල යුත්තේ මත්පැන් සහිත සාමාන්‍ය වයින් සෑදීමයි. පසුව vacuum distillation සහ reverse osmosis යන ක්‍රම 2ක භාවිත කර මත් පැත්  ඉවත් කල යුතුය. මෙහිදී වයින් වාශ්පීකරණයට ලක් කරන අතර සුවඳ සංයෝග පෙරේමක් සිදු කරයි. කේසේ හෝ මත් පන් රහිත වයින් මත්පැන් සහිතා වයින් තරම් රසක් ද  නැති බවද ද දැනුවත් වී සිටීම වැදගත්ය.

පර්යේෂණවලට අනුව මත්පැන් රහිත වයින් වලින් සෞඛ්‍ය සම්පන්න ප්‍රතිලාභ රැසක් ලබා ගත හැක. කේප් ටවුන් විශ්ව විද්‍යාලය මගින් 2012 කල අධ්‍යනයකින් ‘ වයින් වල  ඇති මත්පැන්ප්‍ ප්‍රමාණය 12 සිට 6 දක්වා අඩු කිරීමෙන් එහි ඇති ප්‍රතිඔක්සිහාරක යන්ට හෝ හෘද රෝග ආරක්ෂණ කාරයන්ට අහිතකර හෝ හානියක් වන්නේද නැත ” යන්න පර්යේෂකයන්ගේ මතය වූ අතර මත්පැන් රහිත වයින් ගැනීමෙන් ප්‍රතිලාභ රැසක් අත් කර ගත හැකි බවද ඒවා ඉතා දුලභ නොමැති බවද මෙහිදී පවසන්නට විය.

ඇමරිකානු හෘද සංගමය මගින් කල තවත් අධ්‍යනයකින් තහවුරු වුයේ මත්පැන් රහිත වයින් පානය මගින් රුධිර පීඩනයද අවම කර ගත හැකි බවයි. හඳුනාගත් හෘද රෝගීන් 67 දෙනෙක් ගේ මෙම රුධිර පීඩනය අවම කිරීම සඳහා මෙම වයින් යොදා ගෙන ඇති අතර සැලකිලිමත් ප්‍රමාණයකින් රෝගී තත්ත්වය ද සුව අතට හැරෙන්නට විය.  මෙම මත්පැන් රහිත වයින් දිනපතා පානය කිරීමෙන් අධි රුධිර පීඩනයද වලක්වා ගැනීමේ හැකියාව ඇත.

What About Alcohol-Free Wine?

To make non-alcoholic wine, you have to start with real, alcoholic wine and use two methods to remove the alcohol, vacuum distillation and reverse osmosis. Vacuum distillation involves evaporating the alcohol, and reverse osmosis filters out the aroma compounds and phenolics that are present in alcoholic wine. Because most of the aromas are removed during these processing methods, non-alcoholic wine doesn’t taste the same as alcoholic wine, and the texture is a little off since the tannins are removed.

Research shows that alcohol-free wine may also provide health benefits. According to a 2012 study conducted at the University of Cape Town in South Africa, “the reduction of alcohol content from 12 to 6 percent in wine did not alter its antioxidant and cardioprotective properties.” Researchers conclude that moderate consumption of lower alcohol wines offer beneficial effects without the added risks associated with traditional alcoholic wines, so if you want the benefits of red wine without the alcohol it’s possible to find it.

Another study, published by the American Heart Association, suggests that alcohol-free red wine can also decrease systolic and diastolic blood pressure. When 67 men at high cardiovascular risk were studied, researchers found that blood pressure levels decreased significantly, suggesting that moderate, daily consumption of alcohol-free red wine can be useful for the prevention of hypertension.

රතු වයන් නිවැරදි ලෙස භාවිත කරන්නේ කෙසේද ? සහ පරිභෝජනය කිරීමට උපදෙස්

පර්යේෂණවලට අනුව වයින් එක අඳුරු පහ වීමත් සමගම එහි ඇති ප්‍රති ඔක්සිකාරක ප්‍රමාණය වැඩි අතර රතු වයින් වල මෙය ඉතාමත් අධිකය. මිදී බීජ සහ පත්‍ර දිගු කලක් පොඟවා තැබීම නිසාම අඳුරු රතු වයින් තුල මෙම ප්‍රතිඔක්සිහාරක ප්‍රමාණය වැඩි බව තහවුරු වී ඇත. කෙසේනමුත් කාබනික යයි කියන බොහෝ වයින් වලද මදක් හෝ කෘතීම සංයෝගයක් එක් කර අත. එනම් මගේ නිර්දේශයනම් අඳුරු පැහැයට හුරු රතු වයින් ගැනීමයි.

සැමවිටම සතියට වීදුරු 5 කට නොවැඩිවෙන සේ පමණට වයින් භාවිතා කිරීම සුදුසුය. ඒවගේම දවසට වීදුරු 2ක්ද පානය නොකරන්න. මම නම් කැමැති ඉතාමත් කලාතුරකින් මගේ සිරුර නැවුම් කර ගැනීම සඳහා සහ ඉන් ලැබෙන අනෙකුත් ප්‍රතිලාභ ගැනීම සඳහා වයින් පානය කිරීමයි.

සමහරවිට විශේෂ අවස්ථාවකදී, එනම් උත්සවයකදී , මිතුරන් හමුවකදී හෝ නිවසේ සාදයකදී ඔබ දවසට වීදුරැ 3 , 4 ක් පනයටද අවස්ථාව ඇත. එනම් ඒවගේ අවස්ථාවක මම භාවිත කරන උපයන පිලිබඳ මදක් දැනුවත් වීම වැදගත් සේ සලකමි.

  • ඉදිරි සැලසුම – එනම් ඔබ සාදයකදී පමණට වඩා වයින් පානය කරයි නම්, සිතාගන්න ඉන් පසු දවස් කිහිපය තුල මත්පැන්රහිත වයින් පානය කරන බවට.
  • සෙමෙන් පානය කරන්න – සෑම උගුරක්ම රසවීදින්න, ඒවගේම ඔබ පානය කරන විට එය ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන්න
  • වීදුරුව හිස් නැත්නම් නැවත පුරවන්න එපා  – ඔබගේ වීදුරුව සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු හිඳ , අවශ්‍යනම් නැවත පුරවන්න
  • තරමක් පුරවා ගන්න – ඔබ නිවසේදී නම් වීදුරුවෙන් හරි අඩක් පුරවා ගැනීම යෝග්‍ය වන අතර , පිටතදී  අවුන්ස 4 ක් පිරවීම සුදුසුය
  • වයින් පානය කරන විට ජලයද පානයට අමතක නොකරන්න – මෙමගින් ඔබගේ පිපාසය සංසිඳුවා ගත හැකි අතර විකල්පයක් ලෙස ලෙමන් මිශ්‍ර ජලයද වඩාත් යෝග්‍ය වේ.

රතු වයින් පිලිබඳ අවසාන නිගමන සහ අදහස්

  • රතු වයින් වල antioxidants මෙන්ම ෆ්ලෙවනොයිඩ් වන quercetin සහ resveratrol ද අඩංගුවේ. මෙමගින් සිරුරේ බොහෝ ඉන්ද්‍රීයන් ඔසවා තබන අතර හෘද නිරෝගීකම පිළිබද වඩාත් අවධානයක් යොමු වේ. ඉතින් මෙම සංයෝග මගින් රතු වයින් වල ප්‍රතිලාභ ද වැඩි වේ.
  • මෙහි ඇති තවත් ප්‍රතිලාභ නම් කොලෙස්ටරෝල් වර්ධනය කිරීම, නිදහස් අණු හා සටන් කිරීම , දියවැඩියාව පාලනයට උදව් වීම මෙන්ම තරබාරු කම පාලනය සහ සංජානන පිරිහීම වැලැක්වීම.
  • බියර් සහ අනෙකුත් මත් පැන් වලට සාපේක්ෂව වයින් වඩාත් ප්‍රතිලාභ ගෙන දෙන අතර එයිනුත් රතු වයින් වල ප්‍රතිලාභ සුදු වයින් වලට සාපේක්ෂව ඉහල අගයක් ගනී. මන්ද රතු වයින් වල ඉතා ඉහල ප්‍රති ඔක්සිහාරක හැකියාවක් තිබීමය.
  • වයින් අඳුරු වෙන්නට එහි ඇති ප්‍රතිඔක්සිහාරක ප්‍රමාණය වැඩි වේ, එනම් pinot noir රතු වයින් වල මෙම ප්‍රමාණය ඉතාමත් ඉහල බව තහවුරු වී ඇත.
  • දැනුවත් විය යුතු කරණය නම්, වයින් පමණට වඩා පානය එහි ප්‍රතිලාභ වැඩියෙන් ගලා ඒමක් සිදු නොවේ. පමණට වඩා ගැනීමෙන් මත්පැන් ඔබගේ මොලයට විෂ විය හැකි අතරම අක්මාවටද අහිතකර ලෙස බලප හැක. එනම් දැනගත යුතු දේ නම් සතියට වීදුරු 5 ක් පමණ පානය නැත්නම් දවසට වීදුරු 1 ක් හෝ 2 ක් අවශ්‍යමනම් පානය වඩාත් යෝග්‍ය වේ. එනම් මෙසේ කිරීමෙන් මත් පැන් වලින්ද කිසිදු හානියක් නොවී අදාළ ප්‍රතිලාභ ගැනීමේ හැකියාව පවතී.

රතු වයින් වලින් මොලයට, හදවතට සහ සිරුරට ඇති ප්‍රතිලාභ – Benefits of Red Wine for the Heart, Body Mind

Well.lk වෙබ් පිටුවේ ඇතිස් සියලුම ලිපි වල අයිතිය GraphicForest (pvt) Ltd සමාගම සතුවන අතර, උපුටා ගැනීම හා පිටපත් කිරීම, මුද්‍රණය කර විකීනීම සපුරා තහනම් වන අතර එම සිදුවීම වලට බුද්දිමය දේපල පනත යටතේ නඩු පැවරීම කල හැකිය..

What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

ඔබව තරබාරු නොකරන එලවලු 7ක්

Reasons Your Period May Be Late

ඔබගේ ඔසප් කාලය පමා වීමට ඇති හේතු 7ක්