Love

කළු චොක්ලට් තුලින් සිරුරට ලැබෙන ප්‍රතිලාභ 7ක්

7 Awesome Health Benefits of Dark Chocolate

ඔබත්  මම වගේනම්, චොකොලට් වලට තිබෙන කෑදර කම පිලිබඳ අමුතුවෙන් කිව යුතු නැත. එක චොකොලට් වර්ගයමක් ම නොවේ, මම විවිධ වර්ගවල විවිධ රසයන් බැලීමටද කැමැත්තෙමි. ඔබ මිලදී ගන්නේ නිවැරදි නිෂ්පාදන නම්, මම කතා කරන්නට යෙදෙන්නේද , ඔබගේ සෞඛ්‍යට ඉතා හොඳ කළු චොකොලට් සහ සාදා ගත් කොකෝවා – cocoa nibs පිළිබඳයි. ඔබ සමහර විට සිතනවා ඇති චොකොලට් මෙතරම් සෞඛ්‍යට හොඳද කියා, එනම් කළු චොකොලට් පිලිබඳ ඇතිවන ගැටළු පිලිබඳ කතා දෙකක් නැත. එනිසාම මම මින් කළු චොකොලට් යනු කුමක්ක්ද ? සහ ඉන් අත්කරගත හැකි ප්‍රතිලාභ පිලිබඳ විමසුමක් කෙරේ. Dark Chocolate

සාමාන්‍යයෙන් ඇමෙරිකානුවන් විසින් වසරකට චොකොලට් රාත්තල් 12  ක් පමණ පරිභෝජනය කරන බවට තහවුරු වී ඇත. ඒවගේම මෙම චොකොලට් සඳහා වසරකට මුළු ලෝකයම ඩොලර් බිලියන් $75 ක් පමණ වියදම් කර බවත් නිගමය  වී හමාරය. අද, චොකොලට් පරිභෝජනය යනු සාමාන්‍ය දෙයක් වන අතර විවිධ වර්ගයේ චොකොලට් නිතරම ගැනීමට පෙළඹෙන නිසා එහි ගුණත්වය වැනි කරුණු දෙස අවධානය යොමු නොකෙරෙන අතර මෙමගින් ම විසින් එම ගැටළු වලට විසඳුම් දීමට උතසහ කරමි. Dark Chocolate

චොකොලට වල අඩංගු මෙම ඇන්ටඔක්සිඩන්ට්ස් (antioxidants) වල ඇති ප්‍රතිලාභ ගැන කතා කරන විට චෝකොලට් වලට කැමති යට යම් සතුටක් දැනෙන නමුත්, ඔබ සැලකිල්ලට ගත යුත්තේ, සෑම චොකොලට් එක්කක්ම එක වගේ නැත, යන්නයි. මෙහි ඇති ඇත්ත නම්, කෘතීමව සාදා රසයන් එක් කල චොකොලට් වලට වඩා, (Dark Chocolate) කළු චොකොලට් වල ප්‍රතිලාභ ගණනාවක්ම ඇති යන්නයි. Dark Chocolate

“ඔබ යම් මිහිරි සුළු කෑමක් සොයන්නේද? (Dark Chocolate) කළු චොකලට් ඒසඳහා වන හොඳම විකල්පයයි ” යන්න නිව් යෝර්ක්හි ලේනොක්ස් රෝහලේ (Lenox Hill Hospital in New York City) හෘද රෝගකාරක  වැළක්වීමේ නියුතු වෛද්‍ය සුසේන් ස්ටේන්බම් (Dr. Suzanne Steinbaum) විසින් ද පවසන්නට යෙදෙයි. ඉතින් අපි බලමු මෙ කළු චොකලට් (Dark Chocolate) යනු නිකම්ම් ආහාරයකට වඩා හොඳ ගුණාත්මක දෙයක් වන්නේ ඇයිද කියා . පහත පරිදි මෙම චොකලට් වලින් කොහොමද රෝග වලවාගන්නේ, අපගේ මොලයට හිතකර වන්නේ කෙසේද සහ එවැනි බොහෝ ප්‍රතිලාභ ගැන විග්‍රහා කර බලමු.

01. රෝග වලින් ආරක්ෂා කිරීම- නිදහස් පරමාණු වලට හේතු වේ

මගේ මෙහි ඇති ප්‍රතිලාභ වලින් වඩාත් කැමතිම දෙයක් නම්, මෙම නිදහස් පරමාණු හා සටන් කිරීමෙම් හැකියාවයි. නිදහස් පරමනු යනු සිරුරේ සෛලීය ක්‍රියාවලියන් ගොඩනැගෙන සමබර නැති සංයෝගාවේ. තවත් විස්තර කරනවානම් මේවා මගින් එදිනෙද දිවියෙදී අපට ඇතිවන පාරිසරික විෂ ද්‍රව්‍ය හා සටන් කිරීමේ හැකියාවද ඇත. ඇන්ටිඔක්සිඩන්ට්ස් යනු එම නිදහස් පරමාණු උදාසීන කිරීම සඳහා ඇතිවන සංයෝගයි.

ඇන්ටිඔක්සිඩන්ට්ස් තුල විටමින්, ඛනිජ සහ ෆෛටෝකෙමිකල්ස් ද අඩඟු වේ. ඉතින් මගේ වැඩියෙන්ම මෙම සංයුතිය තිබෙන හොඳම අහාර 10 ඇතුලත, මෙම කළු චොකලට් තිබීමට හේතුවනම් එහි ඇති ඇන්ටිඔක්සිඩන්ට්ස් වල සුලභ භාවයයි. Dark Chocolate

මෙම ඇන්ටිඔක්සිඩන්ට්ස් තුල පැතිර පවතින ප්‍රධාන කහඳ 2ක නම් ෆ්ලෙවොනොයිඩ් සහ පොලිෆීනල්ස් ය. වයින් සහ තේ වලට වද වැඩියෙන්ද මෙම කළු චොකලට් සඳහා යොදා ගන්නා කොකෝවා වල පොලිෆීනල්ස් අඩංගු වේ. ඉතින් ඔබ ගන්නා චොකලට් එකේ ඇති කොකෝවා ප්‍රමාණය වැඩිවත්ම එහි ඔබ පරිභෝජනය කරන ඇන්ටිඔක්සිඩන්ට්ස් ප්‍රමාණයද වැඩිවේ. Dark Chocolate

02. පිළිකා වැළක්වීමේ ඇති හැකියාව

මෙය තරමක් විශ්වාශ කල නොහැකි වෙයි, නමුත් ඔව් මෙම කළු චොකොලට් වලට පිළිකා වැළක්වීමේ හැකියාවක් ඇත. එය ඇමෙරිකානු පිළිකා ආයතනයෙන් ද මෙසේ සඳහන් කර ඇත.

” පර්යේෂකයන්ට මෙම චොකොලට් වල ඇති ෆ්ලෙවොනොයිඩ් මගීන් පිලික වැළක්වීමේහි ල කටයුතු කිරීමේ හැකියාවක් ඇති බවට තහවුරු වී ඇත. නමුත් මෙමෙ පිලික පිලිබඳ අධ්‍යනයන් තවමත් හෙළිදරව් වෙමින් පවතී. මෑත කාලීන කරන ලද කොකෝවා වල ගුණාත්මක බව පිලිබඳ සමලොචනයන්හිදී හෙළිදරව් වූ කරුණු සාධක තරමක් සීමිත අමුත් ප්‍රයෝජනවත් වේ.  ඉතින් මෙම චොකලට් පිළිකා ආරක්ෂණ භූමිකාව පිළිබඳ වඩාත් දැඩි අධ්‍යනයන් කළ යුතුය, මන්ද එමගින් එහි අනුබව කිරීමේදී ඇතිවන සතුට මෙන්ම ඉන් ප්‍රබල ප්‍රතිඔක්සිකාරක බලපෑමක් ද තිබෙන නිසාය. ”

03. හදවත් නිරෝගී කිරීම

ෆ්ලෙවනොල් යනු මෙම චොකලට් වල ඇති ෆ්ලෙවොනොයිඩ් වල හඳුනාගත හැකි ප්‍රධාන සංයුතියි. ක්ලේව්ලන්ඩ් වෛද්‍යතනයට අනුව, මෙම ෆ්ලෙවනොල් වලට හැකියාව තිබෙනවා සිරුරේ ලේ ගමනාගමයට හොඳින් උදව් වීමට , එනම් අව රුධිර පීඩනයට උදව වන අතරම හදවත මෙන්ම මොලේට ලේ ගමනාගමනයටද උදව් වේ. මෙම ෆ්ලෙවොනල්ස් නිසා රුධිර පට්ටිකා වල ඇති ඇලෙන සුළු ගතිය අඩු කරන අතර එය කැටි ගැසීමේ අවධානමද අඩු කරයි. Dark Chocolate

සති 2ක් තිස්සේ මෙම ෆ්ලෙවෝනිඩ් දහිත එනම් කළු චොකොලට් සහ , ෆ්ලෙවෝනිඩ් රහිත එනම් සුදු චොකොලට් භාවිතා කර ජාත්‍යන්තර ජර්නල සඟරාව මගින් අධ්‍යනයක් කරන්නටද විය. ප්‍රතිපලය නම් කළු චොකොලට් වලට බොහෝ දෙනක් කී රුධිර සංසරණය ක්‍රමාණුකුලව පවත් වා ගැනීමට හැකි වීමයි. මෙ අතර සුදු චොකොලට් වලට එවැනි කිසිදු විදියක හිතකර බලපෑමක් කිරීමට තරම් හැකියාවක් නොවිණි.

2015 දී කල තවත් අධ්‍යනයකට අනුව වසර 11 ක් පුරාවට මිනිසුන් 20000 කගේ සෞඛ්‍ය බව වැඩි කිරීමටද හැකියාව ලැබී ඇති බව තහවුරු වී ඇත. මෙම නිගමන වලින් පැහැදිලි වී තිබෙනවා “මෙම චොකලට් ගැනීම වැඩි වත්ම ඉන් කන්තුක වාහිනී ආශ්‍රිත රෝග බොහොමයක් අවම වන බව”, ඒවගේම, ”  මෙම රෝග තත්වය ගැන සැලකිලිමත් වන අයගේද මෙම චොකලට් ගැනීම අඩු කිරීම පිලිබඳවද කිසිදු සාක්ෂියක් දක්නට නොලැබේ”. පරීක්ෂණයට භාජනය වූවන්ගෙන්, 12% ක් පමණ හෘද චිකිත්සක රෝග වර්ධනය වීමිය ගොස් ඇති අතර 17.4% පමණ චොකොලට් ආහාරයට ගෙන් නොමැත. ඉතින් මෙමගින් කාටවත් හැමදාම චෝකලට් බා(ර්) එකක් ආහාරයට ගන්න කියා කියන්නේද නැති  නමුත් මෙම විශාල හා දීර්ඝ අධ්‍යනයනය චොකලට් පරිභෝජනය හා හෘද සෞඛ්යය අතර ධනාත්මක සම්බන්ධතාවයක් පෙන්නුම් කරයි.

04. කොලෙස්ටරෝල් සඳහා යෝග්‍ය වේ

කළු චොකලට් වල අඩංගු කොකොආ බටර් වල ඔලෙයික් අම්ලය (ඔලිව් තෙල් වලද සොයා ගත හැකි ද සෞඛ්‍ය සම්පන්න අද්විතීය මේදයක් ) , ස්ටියැරික් සහ පල්මිටික් අම්ලයද අඩංගු වේ. මෙම ස්ටියැරික්  සංතෘප්ත මේදයේ තවත් සිවරූපයක් වීමට හැකි නමුත්, මෙමගින් කොලෙස්ටරෝල් වලට උදාසීන බලපෑමක් කිරීමෙ හැකියාව ඇත.  එනම් කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වනේ හෝ අඩු වන්නේ නැතිව පාලනය කිරීමේ හැකියාවයි. අනිත් අතින්, පැල්මටික් අම්ලයට කොලෙස්ටරෝල් වැඩි කිරීමේ හැකියාව ඇති අතර , එය එතරම් ප්‍රශ්නයක් නොවේ, මන්ද මෙම සංයෝගය කළු චොකොලට් වල ඇත්තේ ඉතා අල්ප ප්‍රමාණයක් වීමයි. තවද මෙම කළු චොකලට් වල විශාල හරිත සංයෝග ප්‍රමාණයක් ද ඇත.

දක්ෂිණ වෛද්‍ය ජර්නලය මගින් කල අද්‍යයනයක් මගින් මෙම කළු චොකලට් වල ඇති සෞක්‍යමත් සාධක 28 ක් පිලිබඳ හැදෑරීමක් සිදු කර ඇත. මෙමගින් නිගමය වී ඇත්තේ සතියක් පුරාවට කළු චොකලට් පරිභෝජනය නිසා කාන්ත පිරිම දෙපාර්ශවයේම, ලිපිඩ පතිකාර වැඩි කරන අතරම පට්ටිකා ප්රතික්රියාශීලතාව අඩු කරන බවයි.

තවත් තහවුරු වූ කරුණු නම්,

  • කළු චොකොලට් වල ඇති පොලිෆීනල්ස් වල‍ට කොලෙස්ටරෝල් පාලනය කිරීමේ හැකියාව තිබීම.
  • දවස් 3ක් පොලිෆීනල්ස් පරිභෝජනය – හොඳ කොලෙස්ටරෝල් (HDL) ප්‍රමාණය වැඩි කරයි .
  • දවස් 15ක් පොලිෆීනල්ස් පරිබෝජනය – කොලෙස්ටරෝල් ප්‍රමාණය 5% කින් හෝ 7.5% කින් පමණ අඩු කරයි.  එනම් (LDL) අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කරයි.
  • දවස් 7 ක් නිතිපතා මෙම කළු චොකලට් පරිබෝජනය මගින් LDL 6% ප්‍රමාණය අඩු කරන අතර HDL ප්‍රමාණය 9% කින් පමණ වැඩි කිරීමට සමත් වෙයි.

 

05. යහපත් සංජානන ක්‍රියාවලිය

ඉහතා පරීක්ෂණයට අනුව, ෆ්ලෙවෝනොල් උග්‍ර සහ නිදන් ගත සංගටක ඇතුලත් බව ද තාහුරු වේ. එනම් කොකෝවා මගින් මස්තිෂ්‍ය ද්‍රව්‍ය වලටද රුධිර සංසරණය ක්‍රමවත් කරන අතර මෙම ෆ්ලෙචානොල් වලට මස්තිෂ්‍ය රුධිර ප්‍රවාහය , ඩිමෙන්ශියව සහ ආඝාතය සඳහාද ප්‍රතිලාභ ගෙන දෙමට සමත් වේ. Dark Chocolate

ෆ්ලෙචානොයිඩ් වලට ප්‍රජනන ශක්තියද වැඩි කිරීමෙ හැකියාව ඇත යන්න, 2009 දී පල වූ පෝෂණය පිලිබඳ ජර්නලයේ ද සඳහන් වී ඇත. මෙහිදී චොකොලට් , තේ, වයින් එනම් ෆ්ලෙවනොයිඩ් අඩංගු ඩේ යොදා ගෙන 2000 ක් පමණ අවු. 70-74 කාලවල අය සහබගීත්වයෙන් මෙම ෆ්ලෙවොනොයිඩ් සහ ප්‍රජනන ක්‍රියාවලියේ ඇති සම්බන්දතාවය පිළිබඳව හදාරන්නට විය. එනම් ප්‍රතිපලය වුයේ මෙම ෆ්ලෙවෝනොයිඩ් නිසා අදාළ ප්‍රජනන හැකියාවන් වල දියුණුවක් ඇති වූ අතරම එය ලබා ගත මාත්‍රාව අනුව වෙනස් වන බවටද තහවුරු විය.  පර්යේෂකයන් තවදුරටත් පවසන්නට වුයේ, මෙම චොකලට්, තේ හා වයින් වල ඇති වෙනත් ජීව විද්‍යාත්මක ද්‍රව්‍ය පිලිබඳ අද්යයනය කල යුතු බවත් , එමගින් මොලයට හිතකර ප්‍රතිලාභ ගත හැකි බවත්ය.

06. රුධිර පීඩනය සහා එහි ඇති සීනි මට්ටම පාලනය කරයි.

මම මෙම ලිපිය ලියුවද , තවත් මෙවැනිම ලිපි 75 ක් පමණ මෙම කළු චොකලට් සහ රුධිර පීඩනය පිලිබඳ කරුණු ගොනු කරමින් ඇත. 2015 දී පල කරන ලද අද්‍යයනයකින් මෙම සුදු චොකොලට් සහ ෆ්ලෙවොනොයිඩ් අඩංගු කළු චොකොලට් පිලිබඳ සංසන්ධනයක් කර ඇත. මෙහිදී ග්රෑම් 25 බැගින් සුදු හෝ කළු චොකොලට් සති 8 ක් පුරාවට පරිබෝජනය කර ඇත. පර්යේෂකයන්ට අනුව, මෙම කළු චොකොලට් මගින් රුධිර පීඩනය අඩු කළා මෙන්ම , එමගින් ශරිරය ඇති සීනි ප්‍රමාණයද අඩු කරන්නට විය.

එනම් ඔබ දියවැඩියාවෙන් පෙලේනම්, ඔබ ගන්න කොකෝවා ප්‍රමාණය වැඩිවත්ම සීනි ප්‍රමාණයද පහත දම ගැනීමට හැක. මෙය කළු චොකොලට් වල ඇති ඉතා අඩුම භාවිතයක් එනම් දවසකට පරිබෝජනය කලී අවුන්ස 0.88 පමණ බවද, සැලකිල්ලට ගන්න. Dark Chocolate

07. ප්‍රතිඔක්සිකාරක

සුපිරි පලතුරු එනම්, අසායි, කෙර්න්බෙරි, බ්ලුබේරී සහ දෙළුම් මෙම කළු චොකොලට් සහ කොකෝවා පව්ඩර් වල ඇති ෆ්ලෙවෝනොල්, පොලිෆීනල් සහ ප්‍රතිඔක්සිකාරක වලට සංසන්ධනය කිරීමක්, හර්ෂි සමාගමෙන් මෙහෙය වූ සහ Chemistry Central Journal මගින් පල කරන ලද අද්‍යයනකින් හදාරන්නට විය. මෙම පරීක්ෂණයට යොදා ගත චොකලට් , කොකෝවා කුඩු සහ කොකොආ පානයන් ස්භාවික සහ ක්ෂාරීය නොවූ ඒවා විය. තවත් වැදගත් කරුණක් නම් මෙම කිශාරීයකරණය නිසා සෞක්‍යමත් පොලිෆීනලික් සංයෝග වලට අහිතක බලපෑම් විය.

ඉතින් ප්‍රතිපලය වුයේ කුමක්ද?  එනම් අනෙකුත් සියලුම පලතුරු කුඩු වලට වඩා සලකිලිල්මත් වියුතු තරමකින් කොකොආ කුඩුවල වූ ෆ්ලෙවනොල් ප්‍රමාණය වැඩි බවයි (ග්රෑම් 1ක්ත 30.1 මිලිග්‍රෑම්). තවද දෙළුම් හැරෙන්නට අනෙක් සියලුම පලතුරු කුඩු වලට වද මෙහි තිනෙන ප්‍රතිඔක්සිකාරක හැකියාවද වැඩි බව තහවුරු විය. එමෙන්ම දෙළුම් පානය හැරෙන්නට මෙහි වූ පොලිෆීනල් ප්‍රමාණයද වැඩි බව තහවුරු වන්නට විය.

 

කළු චොකලට් යනු මොනවද ?

ඔබ දැනටමත් දන්නා විදියට විවිධ ආකාරයේ චොකොලට් ගණනාවක් දක්නට ඇත. බොහෝ දෙනා මෙම චොකොලට් වර්ග 3කට වෙන් කරයි , එනම් කළු චොකොලට් , සුදු චොකලට් සහ කිරි චොකොලට් යනුවෙනි. කළු චොකොලට් පිළිබඳ හරියටම සම්මතයක් FDA එක තුලද නැති අතර සාමාන්‍ය මතය නම් මෙම කළු චොකලට් වල 70-99% පමණ කොකොආ අඩංගු බවයි. නමුත් සමහරු විසින් කළු චොකලට් සඳහා 60% කට හෝ ඊට අඩු සම්මතයක්ද ලැබ දේ, එම නිසා මෙ පිලිබඳ එකම එකඟතාවයකට පැමිණීමට තරම අපහසුය.

කළු චොකොලට් සාදන්නේ කොකෝවාවලිනි. ඉතින් මෙ සියලුම චොකලට් වල අරඹය කොකෝවා බීජවලින් ලබා ගන්න අස්වැන්න මතය. අස්වැන්න නෙලා ගත පසු අදාළ ෆැක්ටරි වලට යැවීමට පෙර පැසවීම සහ වියලීම සිදු කරයි. කොකොආ සහ කොකොආ කුඩු යන දෙකේම ප්‍රතිඔක්සිකාරක  සහ හදවත් සඳහා විශාල ප්‍රතිලාභ රැසක් අඩංගු වේ.   අමු කොකොආ වල ඇති පෝෂණ ගුණය සාපේක්ෂව ඉතා ඉහලය, මන්ද ඒවා පෙර කිසිදු ක්‍රියාවලියකට හෝ අවමව රත් කිරීමකට වුවද භාජනය කර නොමැති වීමයි. අමු කොකොආ කුඩු සාදා ගන්නේ සීතලෙන් පීඩනය කල රත් නොකළ කොකොආ බීජ මගිනි, ඉතින් මෙමෙ අමු කොකොආ වල ඇති පෝෂණ සංගටක වැඩි අතර සාමාන්‍ය  කොකොආ කුඩු යම් යම් උෂ්ණත්ව යටතේ රත් කරන විට එහි ඇති සංගටක වලට හානි වීමේ ඉඩකඩක්ද ඇත. ඩච් කොකාආ පොටෑසියම් වලින් සෝඩා ගන්න අතර in එහි ඇති ආම්ලික වබ උදාසීන කරවයි. එමනිසා ඒවාට අඳුරු පැහැයක් සහ මෘදු රසයක් ගෙන දෙයි. Dark Chocolate

කළු චොකලට් අර්ධමිහිරි රසැති චොකලට් යනුවෙන්ද හඳුන්වන අතර අධි කළු චොකලට් යම් කටුක රස්යක්ද නොගන්නවා නොවේ. ඉතින් මෙ වගේ කොකොආ බටර් වලින් ගත විට ඝන චොකොලට් දක්වා පැතිරෙන විවිධ චොකලට් වර්ගවල රසයන් එකිනෙකට වෙනස ස්වභාවයක් ගනී. FDA ට අනුව අර්ධමිහිරි චොකොලට් සහ ඉහත පරිදි කටුක රසැති චොකලට් වල 35% කට නොඅඩු ස්වභාවික කොකොආ අදන්ගු බව තහවුරු කරයි. තවත් කරුනකක් නම්, FDA විසින් පවසන, මෙමෙ චොකලට් වර්ග 2ම අහාර පිසීමේදී යොදා ගන්න අතර අධි කළු චොකලට් වල රස තරමක් තිත්ත ස්වබාවයක් ගැනීමටද හැක. අහාර පිසීමේදී ගන්න මිහිරි නොවන, එනම් තිත්ත චෝකලට්වල 100% ක් ස්වභාවික කොකොආ අඩංගු වේ. sinhala health

කොකොආ ප්‍රමාණයේ පොහොසත් බව නිසාම කළු චෝකලට් වල රස කිරි චොකලට් වලට වඩා වැඩිය. එනම් කොකොආ වදිවතම එහි රසයද අනුලෝමව වැඩි වන බවයි. කොකොආ යනු ස්වභාවිකව තිත්ත සහ ඉතා ගැබුරු රැසක් ගනී. චොකලට් සාදන්නන් (බොහෝවිට කිරි චොකලට් සාදන්නන්) මෙම රසය මෘදු කිරීම සඳහා මේවා ක්ෂාරීයකරණය කිරීමේ, පැසවීම, රත් කිරීම , කිරි සහ සීනි එකතු කිරීමත් සමගම මෙහි ඇති ගුණාත්මක සංගටක විනාශ වීමක් සිදුවේ. sinhala health

හරියටම, කිරි චොකලට් එකක් වීමටනම් එහි අවම ස්වභාවික චොකලට් 10%, කිරි මේදය ප්‍රමාණය අවම 3.39 සහ 12% වත් ඝන කිරි තිබිය යුතුය. තහවුරු වී ඇති කරුණක් නම් මෙම කිරි වල ඇති ප්‍රෝටීන් මගින් කොකොආ වල ඇති ප්‍රතිඔක්සිකාරක අවශෝෂණය කිරීම අඩු කිරීමක් වේ. ඉති මෙ කිරිත් සමග තිබෙන ගැටලුව කුමක්ක්ද ? ඇත්තටම කිරි චොකොලට් වල අඩංගු ෆ්ලෙචානොයිඩ් සමග මිශ්‍ර වීමක් සිදුවේ. එම නිසාම ඒවා අපගේ ශරීරයට නොලැබීමේ අවදානම වැඩිය. එනම් කිරි චොකලට් යනු හොඳ ප්‍රතිඔක්සිකාරකයක් නොවීමට ප්‍රධාන හේතුව මෙයයි. තවද ඔබ කළු චොකලට් සමග කිරි පානය කිරීම නොකළ යුත්තේද මෙ නිසාමය.

කිරි චොකලට් සිරුරට අහිතකර නමුත් සුදු චොකලට් ඊට වඩා සිරුරට අහිතකර වේ. එනම් සුසු චොකලට් යනු ඇත්තටම නියම චොකලට් නොවන්නේ එහි ඝන  කොකොආ නොමැති අතර තිබෙන්නේ කොකොආ බටර් පෑමක් වීමය.

මගේ මතයනම්, අවම 70% වත් කොකොආ අඩංගු පොඩියට සකසා ගත් කළු චොකලට් ආහාරයට ගැනීමයි. ඉතින් මෙසේ ගැනීම තුලින් ඔබට චොකලට් වලින් ගැනීමට හැකි උපරිම ප්‍රතිලාභ ගැනීමට හැකි අතර එහි ප්‍රතිඔක්සිකාරක ඉතා ඉහල අතර සීනි ප්‍රමාණයද ඉතා අවමය. sinhala health

 

 

 

කළු චොකලට් වල ඇති පෝෂණය

කළු චොකලට් සාදන්නේ කොකෝවා බීජ වලිනි, නමුත් මේවා ඇත්තටම බීජ ලෙස හැඳින්වියද නොහැකිය. එනම් ඒවා තැබ්රෝමා ගසේ බීජ වේ. මුලින්ම මෙම බීජ වියලා පසුව ශක්තිමත් බාර් යොදාගනිමින් කළු චොකලට් නිෂ්පානය කරයි. sinhala health

ඔබ කිසිවිටෙකත් කිසිම පැණිරස ආහාරයක් පෝෂණ ගුණයෙන් හෙබි කියා සිතන්නේ නැත, නමුත් මෙම කළු චෝකල්ට් බාර් එකක ඇති පෝෂණය ගුනයනම් ඉතාමත් ඉහලය. එනම් එය තන්තු, යකඩ, මැග්නීසියම් , මන්ගන්නීස් සහ තඹ වලින් සමන් විත වේ.

එක කළු චොකලට් අවුන්සයක 70-80% පමණ ඝන කොකොවා අඩංගු වේ.

  • කැලරි 168
  • කබෝහය්ඩ්රේට් ග්රෑම් 8
  • ප්‍රෝටීන් ග්රෑම් 2
  • මේදය ග්රෑම් 12
  • තන්තු ග්රෑම් 1
  • මැන්ගනීස් මිලිග්‍රෑම් 5
  • තඹ මිලි ග්රෑම් 5
  • යකඩ මිලි ග්රෑම් 3
  • මැග්නීසියම් මිලිග්‍රෑම් 8
  • පොස්පරස් මිලිග්‍රෑම් 2
  • පොටෑසියම් මිලිග්‍රෑම් 200
  • සින්ක් මිලිග්‍රෑම් 9
  • විටමින් ක් ම්යික්රෝග්රෑම් 2
  • සිලේනියම් ම්යික්රෝග්රම් 1,9
  • කැල්සියම් ම්යික්රෝග්රම් 4

මිලදී ගත යුත්තේ මොනාද ? සහ නිර්දේශිත වට්ටෝරු

මාගේ එකම නිර්දේශයනම් පොඩියට සකසා ගත් 70% ක් පමණ වත් කොකෝවා අඩංගු කළු චොකලට් ආහාරයට ගැනීමයි. මෙවැනි චොකලට් වල ඉතා ප්‍රබල ප්‍රතිඔකිසිකාරක අඩංගු සහ සීනි අඩංගු වන්නේ ඉතාමත් අවම ප්‍රමාණයකි. වාසනාව නම්, අද වෙලඳ පොලේ මෙම 70% ට සරිලන ඕනා තරම් සන්නම් වලින් විවිධ චොකලට් වර්ග අඩංගු වේ. ඉතින් මෙම ප්‍රතිෂතය වැඩිවත්ම ඔබට ලබා ගත හැකි ප්‍රතිලාභද වේ.

කළු චොකලට් සමග ආමන්ඩ් එක් කිරීමෙන් ඔබගේ දිවිය තවත් දිගු කර ගත හැකි අතර ඒවගේම සැලකිලිමත් වන්න මේ වෙනුවට ප්‍රතිලාභ නොදෙන සහ සිරුරට යම් සෙයින් අහිතකර හතු සහ කැරමල් වැනි එක් නොකිරීමට.

ඔබ තවත් බලන්න ඕනේ සහ සොයාගන්න ඕනේ, සාධාරණ වෙළදාම් මගින් හෝ නියම කොකෝවා වලින් සාදා ගන්න ලද කළු චොකලට්. කොකෝවා තරමක් කුඩාවට/ අඩුවට සකස් කර තිබෙනවා වෙන්න පුළුවන්, නමුත් ඔබට ඕනෙනම් අමු නැත්නම් ඉතාමත් අඩුවෙන් සකස් කර ගත කොකෝවා, එනම් ඔබ ප්‍රිය කරන්නේ කොකෝවා යනු කළු චොකලට් එකේ ඇති ප්‍රධාන අමුද්‍රව්‍ය වීමයි. sinhala health

ඔබේ කළු චොකලට් සෑදීමේදී කොකෝවා බටර් වලින් සෑදීය යුතුය. එසේ නැතුව පාම් තෙල් හෝ පොල් තෙල් වලින් නොවේ. ඒවගේම හයිඩ්රජනීකෘත හෝ අර්ධ හයිඩ්රජනීකෘත තෙල් සඳහාද අවධානය කිරීම වඩාත් යෝග්‍ය වේ. තවත් දෙයක් නම් අද බොහො චොකලට් ව්‍යාපාරිකයන් කළු චොකලට් විවිධ ක්‍රම වලින් එනම් නියමා ආකාරයෙන් සාදන් නැති වීමේ ඉඩකඩද ඇති අතර ඒ පිලිබඳ ඔබ සැලකිලිමත් වීම අනිවාර්ය වේ.  ලේබලේ කළු චොකලට් කියා සඳහන් කල පමණින්ම එය එසේ නොවේ. ගුණදායී සහ ඉතාමත් හොද කළු චොකලට් නිපදවන්නේ ස්වභාවික කොකෝවා වලින් වන අතර ඒවා කාබනික, අවම වශයෙන් සකසන ලද සහ පැකට් වලින්ද තොර බව දැනුවත් වීම වැදගත්ය.

මිචිගන් විශ්ව විද්‍යාලයේ සංයුක්ත වෛද්‍ය ක්‍රම සුව කිරීමේ ආහාර පිරමිඩයේද මෙම කළු චොකලට් සමබර ආහාර වේලක් ලෙස සඳහන් කර ඇත. ඔවුන් නිර්දේශ කරන්නේ, දවසට එක් අවුන්සයක් බැගින් සතියක් මෙම කළු චොකලට් ගැනීම වැදගත් කියාය. මගේ නිර්දේශයත් එයම වේ. sinhala health

කළු චොකලට් වල සීනි ප්‍රමාණය අනිත් චොකලට් වගේ ඉතා ඉහල අගයක් ගන්නේ නැත. එනම් ඔබ දැනටමත් දියවැඩියා රෝගියෙක් නම් හෝ තිබෙන සීනි ප්‍රමාණය අඩු කර ගැනීමට වෙර දරනාවානම්, ඔබට පුළුවන් ස්ටීවියා හෝ අනෙකුත් අඩු සීනි විකල්ප  සමග රස කරගත්  මෙම කළු චොකලට් වලට යොමු වෙන්න.

දැන් ඔබ සූදානම්ද ? ඉතාමත් රසවත් සහ ගුණවත් කළු චොකලට් වලින් සාදාගත් අහර වට්ටෝරුවක රස බල්ලන ? එනම් ඔබට කිසිදු වරදක් නොමැතිව කළු චොකලට්වල සියලු ප්‍රතිලාභ ලබා ගත හැකිය.

එසේනම් මෙන්න, මගේ ප්‍රියතම කළු චොකලට් වලින් සාදා ගත හැකි වට්ටෝරු කිහිපයක් සහ මෙමගින් ඔබගේ චොකලට් වලට ඇති ආශාව තවත් වැඩි කිරීමට සමත් වේ.

  • කළු චොකලට් ආමන්ඩ් බටර් වට්ටෝරුව
  • කළු චොකලට් ප්‍රෝටීන් ගුලි වටෝරුව
  • කළු චොකලට් පොකුරු පොල් වටෝරුව

කළු චොකොලට් වල ඉතිහාසය

මෙහි අතීතය කිස්තු පූර්ව 1900 දක්වා අතට දිව යන්නේ ඔබව පුදුමයට පත් කරමිනි. එනම් මේ කාලය යානි ඇස්ටෙක් වරුන් විසින් කොකොආ බීජ යනු කැට්සැල්කෝට්ල් නම් ප්‍රඥාවේ දෙවියා ගෙන් ලැබුණු ත්‍යාගයක් බවට විශ්වාස කල කාලයකි. ඔවුන් මෙම බීජ වලට කුළු බඩු, වයින් සහ බඩඉරිඟු එක් කර තැවරුණු සහ තිත්ත පානයක් සැදීමට පුරුදුව සිටින්නට විය. එය අද තිබෙන රසවත් කිරි පානයකට සම කල නොහැකි නමුත් අමු කොකෝවා වලින් සාදා ගන්න ලද පානයකටනම් සමාන වේ.

1847 දී, බ්‍රිතාන්‍ය සමාගමක් වූ, J.S. Fry & Sons විසින් ප්‍රථම ආහාරයට ගත හැකි චොකලට් එකක් නිෂ්පාදනය කරන්නට විය. මේ සඳහා යොදාගෙන ඇත්තේ කොකෝවා බටර්, කොකෝවා කුඩු සහ සීනි පමණි. පසු කාලීනව 1800, 1900 කාලවල විශාල සමාගම් වන කැඩ්බරි, හාර්ශි සහ මාස් යන නම් පැමිණීමට විය. පසුව මෙම චොකලට් වලට ඇති ආදරය, ආශාව එන්න එන්නට වැඩි වෙන්නට විය. ඉතින් අද වනවිට බොහොමයක් සමාගම් විසින් කළු චෝකලට කියා සදානන්නේ කිසිම ගුණයක් නොමැති චොකලට් වීම එතරම් හොඳ කරුණක් නොවේ. එසේ කියා හොඳින් හරියට නිෂ්පාදනය කරන සමාගම්ද අද ඕනා තරම් ඇති අතර ඒවා නියම කළු පැහැයෙන් නොපෙනුනද , නියම සංයුතියෙන් යුක්ත වන බවද සැලකිලිමත් වන්න. sinhala health

එය ඉතාමත් පැහැදිලියි කුමක්ද ? අද කළු චොකලට් යනු ඉතාමත් වේගයෙන් අලෙවි වන භාණ්ඩයක් වන අතර අලෙවිය පහල යාම ද දක්නට නොලැබෙන තරම්ය. මෑත වර්ෂ කිහිපය තුලම  චොකලට් කර්මාන්තය වාරික සහ සහතික කරන ලද කළු චොකලට් වලට මාරු වීමක් දක්නට ලැබේ. මෙ අතර ස්වභාවික රස කාරක ඇගේව්ම ස්ටීවියා, යෙකන් සහ පොල් සීනි සමන්විත තනි සම්බවයකින් යුත් සහ අධි කොකොආ ප්‍රමාණයකින් සමන්විත නිෂ්පාදන වේ. ඉතින් ඒවගේම විද්‍යාත්මකව මෙහි ගුණාත්මකබව හෙළි වන්නට මෙ සඳහා ඇති ඇල්ම ආශාවද තව තවත් ඉහල යයි.

 කළු චොකලට් සඳහා පූර්වාරක්ෂණ

වැඩියෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා කැමති නම්, නියම ක්‍රමය නම් එය බර ආහාර වේලක් සමග හෝ එය අඩංගු වට්ටෝරුවක් වුවද ඉතා සෙමෙන් ක්‍රමයෙන් ආහාරයට ගැනීමයි. ඔබ කැෆෙන් වලට සංවේදී නම් සැලකිලිමත් විය යුතු දේනම් මෙම කළු චොකලට් වල සැලකිලිමත් විය යුතු ප්‍රමාණයක් මෙම කැෆේන් අඩංගු බවයි. මෙම කැෆේන් වලින් වන අතුරු ආබාධ නම් නොසන්සුන්තාවය , මුත්‍රාකිරීමේ අවශ්‍යතාවය වැඩි කිරීම සහ හෘද ස්පන්ධනය වැඩි කිරීම සහ නිදි මත ගතියයි. ඉතින් මෙම සියලුම හේතු එම කැෆේන් නොගැනීමට හේතු පාදක වෙයි.

මායෝ වෛද්‍යාතනයට (Mayo Clinic) අනුව, චොකලට් මෙම දේවල් සඳහාද හේතු වේ.

  • කුරුලෑ
  • අසාත්මික සමේ ප්‍රතික්‍රියා
  • බඩ පිපීම
  • ළදරුවන් ඇඩීම
  • අස්ථි ඝනත්වය අඩුයි
  • දත් දිරායාම
  • දද කුෂ්ට ඇතිවීම
  • වායු තත්වයන් ඇතිවීම
  • හිසරදයන්
  • කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීම
  • ඉන්සියුලින් මට්ටම ඉහළ යාම
  • අවිධිමත් හදවත් රිද්ම
  • නොසන්සුන් පේශි රෝග ලක්ෂණ
  • නුරුස්සන බව
  • කලකිරීම
  • වකුගඩු ආබාධ හා ආබාධ
  • ඉරුවාරදය
  • ඔක්කාරය සහ වමනය
  • බෙල්ලේ වේදනාව
  • නොසංසුන්තාවය
  • හිස්කම
  • නිදා ගැනීමේදී ඇතිවන බාධා
  • බඩ ඉදිමීම සහ කලබල වීම
  • සම ඉදිමීම
  • අප්‍රසන්න රස
  • බර වැඩිවීම

මෙය තරමක් දිගු ලිස්ට් එකක් වන අතර මෙම සෑම අතුරු බලපෑමක් ම සෑදීමේ ඉඩකඩ ඇති අතර ඒ සඳහා හොඳම විසඳුම නම් කළු චොකලට් වුවද පමණට වද නොගැනීමයි. sinhala health

ගර්භනී මව්වරු , මව් කිරි දෙන මව්වරු හොඳින් සැලකිලිමත් විය යුතුයි ඉහත පරිදි වැඩිපුර චොකලට් පරිබෝහ්ජනය නොකරන්න, නමුත් මධ්‍යස්ථව කළු චොකලට් ගර්භනී මව්වරුන් සඳහා ආරක්ෂා කාරී වේ.

ඔබ කිරි වලට යම් සංවේදී බවක් දක්වන්නේ නම්, හොඳින් සැලකිලිමත් වන්න කළු චොකලට් මිලට ගැනීමේදී ඒවායේ ඇති ලේබල් හොඳින් කියවීමට සහ යාමට පෙර හොඳින් දැනුවත් වී යාමට. නිත්‍යාණුකුලව කිරි කළු චොකලට් වලට දැම්මේ අයිතිය තිබෙන අතර, ඒවගේම එය ප්‍රශ්න අසාත්මික ආහාර 8න් එකක් නිසා , ඇමෙරිකානු රජය චොකලට් නිෂ්පාදකයන්ගෙන් මෙම කිරි භාවිත කරන්නේනම් එය අමුද්‍රව්‍යක් බවට සඳහන් කරන්නැ කියාද ඉල්ලීමක් කර ඇත.

FDA එකට අනුව, චොකලට් යනු කිරි යොදා ගන්න සහ එය සඳහන් නොකර අලෙවි කරන ඉතා පොදු භාණ්ඩයකි. ඊට අමතරව, FDA කල පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ලෙබලේ නම තිබූ පමණින්ම එය අදාළ කළු චොකලට් එක තුල කිරි තිබෙන බවට නිගමනය කල නොහැක. බොහෝ නිෂ්පාදකයන් මෙම කළු චොකලට් නිපදවීමේදී කිරි චොකලට් නිෂ්පාදනයට යොදා ගන්න ක්‍රම වේදයම භාවිත කරයි. ඒවගේම ඔබට යම් හෙයකින් ඔබගේ කළු චොකලට් එක තුල කිරි අඩංගු බවට තහවුරු වුයේ නම් හෝ දැනෙන් නේනම් වහාම නිෂපාදකයාව ඇමතීම වඩාත් සුදුසු වේ.

මෙම කළු චොකොලට්වල(කාබනික සන්නම් වල පවා) තිබෙන තවත් අසාත්මිකක තත්වයක් නම්, සෝයා ලෙමිතීන් වේ. ඉතින් මෙහි සොයා ප්‍රෝටීන් අඩංගු වන අතර,   මෙමගින් අසාත්මිකතා ඇති කිරීමේ හැකියව ඇත. නමුත් මෙමගින් හොමයක් අසාත්මිකතා ඇති පුද්ගලයන්ට බලපෑම් කිරීම සඳහා තරම් ඉතිරිව නැති බවද දැනුවත් වී සිටීම වැදගත්ය.

සමහර ඇය මෙය අසාත්මිකතා නිසාම අයින් නොකර අතර ඒසඳහා ඔවුන්ගේ ඇති අකමැති කමද එක් හේතුවකි. ඔබ මෙම සෝයා ලෙමිතීන්  අඩංගු කළු චොකලට් මිලට ගැනීමට යනවා නම්, මගේ නිර්දේශය GMO මග හරවා ගැනීම සඳහා GMO රහිත හෝ කාබනික සෝයා ලෙමිතීන් මිලට ගන්න කියාය.

කළු චොකලට් යනු කැලරි අඩු සහ මේදය අඩු ආහාරයක් නොවන අතර ඉතින් මෙයම මෙම ආහාරය වැඩිය නොගෙන සිටීම සඳහා හේතු නොවේද ? රසය ඉතා මිහිරි බව නිවැරදියි නමුත් එම රසයද විඳිමින් ගැනීමට හැකි ප්‍රතිලබද පමණට අනුව ගනීව යෝග්‍ය වේ. sinhala health

ඔබට සුරතල් සතුන් සිටීනම් මෙම කළු චොකලට් ඔවුන්ගෙන් ඇත්ව තබන්න, මොකද මොනම චොකලට් එකක් වුවද එය පූසන්ට සහ බල්ලන්ට විෂ සහිත වන බැවිනි.

මෙම කළු චොකලට් වලින් ගත හැකි ප්‍රතිලාභ පිලිබඳ අවසාන මතයන්

ඉතින් මෙම කළු චොකලට් ඔබට සුදුසුද ? ඇත්තටම ඔව් එය ඉතාමත් යෝග්‍ය ආහාරයකි. නමුත් මෙය රඳවා පවතින්නේ ඔබ නිවැරදි නිශ්පාදන මිලදී ගන්න තාක් කල් පමණි. ඔබ නිවැරදි සහ ගුණයෙන් ඉහල නිෂ්පාදනයක් තොර ගත්තේ නම්, ඔබට විශාල ප්‍රතිලාභ රැසක් අත් කර ගැනීමෙ හැකියාව උදාවන්නේ නිරායාසයෙනි.

මධ්‍යස්ථව (දිනකට එක් අවුන්සයක් හෝ අඩුවෙනි), ගැනීමෙන් මෙම කළු චොකලට් පෙන්නුම් කර තිබෙනවා බොහොමයක් පොදු සග නිදන්ගත රෝග සුවපත් කිරීම් සහ ඒවායින් වැළකී සිටීමේ හැකියාව. ඉතින් මෙ සියලුම ස්වභාවික සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන සංරචක (ෆ්ලෙවනොයිඩ්, පොලිෆීනල්ස්, ෆ්ලෙවනොල්ස්) සහ මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක හැකියාවත් සමග කළු චොකලට් යනු ඉතා ශකිතිමත් සහ රසයෙන් පිරිණු ගුණාත්මක ආහාරයකි. ඉතින් මෙමගි හදවත් නිරෝගී කරන අතරම මොලේට ද හිතකර බලපෑම් කිරීමේ හැකියාවද ඇත.

ඉතින් ඔබත් උත්සහ කරන්න – රසවත් කළු චොකලට් කැබැල්ලක් සමග ඔබට් ඔබේ ජීවිතිය නිරෝගී සහ තවත් දිගු කර ගැනීමට වෙර දරන්න .

කළු චොක්ලට් වලින් සිරුරට ලැබෙන ප්‍රතිලාභ 7ක් – 7 Awesome Health Benefits of Dark Chocolate

What do you think?

-2 points
Upvote Downvote

Total votes: 2

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 2

Downvotes percentage: 100.000000%

මෙම කෑම වර්ග 6 ඔබේ හදවතට විශේෂයි. – Heart Healthy Foods

Interview Questions to Find Your Next High Achiever

සම්මුඛ සාකච්ඡාවේදී ඔබ සුදුසුම අයැදුම්කරුවාව සොයන්නේද ?