අලිගැටපේර මගින් සාදා ගත හැකි වට්ටෝරු 50ක්

හොඳම අලිගැටපේර වට්ටෝරු 50

දශක ගණනාවක් තිස්සේ Guacamole (අලිගැටපේර ආශ්‍රිත සලාදයක්) භාවිතයත් සමගම අද වන විට අලිගැටපේර මහත් පෙරලියක් කිරීමට සමත් වී ඇත. මෙය කොලෙස්ටරෝල් අවම මේද සංඝටක වලින් සමන්විත අතර ඒවගේම විටමින් සී , පොටෑසියම් ද අඩංගුවේ. තවද මෙම ක්‍රිම් ගතියකින්ද හෙබ වන අතර ඉතා මිහිරි අත්දැකීමක්ද වනු ඇත. එසේනම් අලිගටපේරවලට බැබලීමට කාලයයි මේ. Avocado Recipes

හොඳම අලිගැටපේර වට්ටෝරු 50

ඔබගේ ආහාරවේල හරිත බැවින් වැඩි කරන්නේ කෙසේද යන්න පසුතැවෙනවාද ? එසේනම් මෙම කරුණු ඔබ සඳහාමයි. ඉතින් ඔබගේ උදැසන ආහාරවෙලට ගැනීම මෙන්ම සුළු මිහිරි ආහාර දක්වා විහිදෙන අලිගැටපේර වලින් සාදා ගත හැකි වට්ටෝරු ගොනුවක් මෙහි ඇතලත් වේ. මෙම වට්ටෝරු වලට යාමේදී කැලරි අඩු කාබනික කිරි සහ එළු චීස් මෙන්ම ධ්‍යන පාන් භාවිතා කිරීම වඩාත් ප්‍රයෝගික වන බවද සැලකිලිමත් වීම වැදගත්ය.

දැනුම්දීම : මෙම සියලුම වට්ටෝරු සඳහා, කැලරි අඩු එල කිරි, එළු කිරි හා මෙම ආහාර මිලට ගැනීමේ ලැයිස්තුව මග පෙන්වීමක් ලෙස භාවිත කරන්න. මෙ අතර මුහුදු ලුණු සහ සෞඛ්‍ය සම්පන්න මේද ප්‍රධාන තැනක් ගනී. ඒවගේම ඔබ ආහාරයට ගන්නේ කුමක්ද ? එය ඔබගේ සියලුම දේට , සෞඛ්‍යට බලපාන බවද ,ආහාර යනු ඖෂධක් වන බවද අමතක නොකරන්න.

උදැසන ආහාරවේල සඳහා අලිගැටපේර වට්ටෝරු

අලිගැටපේර, බිත්තර සහ ඉන්ග්ලිෂ් මෆින් සැන්විච් – Avocado, Egg, and English Muffin Sandwich

ඔබ පුරුදුව සිටීනම්,ඉවත් කරන්න බිත්තර මෆින් ගැනීම, මන්ද අලුත් උදැසන ආහාරයක් නගරයට පැමිණ ඇත. නිතරම ගන්න පුරුදු මෆින් එකත් සමග මෙම ධ්‍යන පිරුණු මෆින් එකට මාරු වී බලන්න, ඔබටම එහි වෙනස් රසයක් සහ මිහිරි බවක් තෙරෙයි. ඉතින් මෙහිදී, බිත්තර සහ චීස් කොම්බෝ එකකට උඩින් අලිගැටපේර , රතු ලුණු, පිපිඤ්ඤා සහ තක්කාලි දම ඇති අතර එය උදැසනම සෞඛ්‍යමත් දිවියක් ඇරඹීමට කදිම අවස්ථාවකි.

අලිගැටපේර හමස් සහ බිත්තර ටෝස්ට් එක – Avocado, Hummus and Egg Toast

පුරුදුව සිටින සාමන්‍ය බටර් සමග ගන්න ටෝස්ට් එක වෙනුවට මෙම ගුණදායී ක්‍රමය භාවිතා කරන්න සහ මෙය හදවත් රෝග වලටද හොඳ බවක් කියවේ. මෙහිදී හම්මස්, හොඳට අනාගත් අලිගැටපේර මිශ්‍රණයක් සහ බිත්තර ද මෙම ටෝස්ට් එක උඩින් පිලියල කර ඇති අතර එහි ඇති ධාන්ය වලට උඩින් තක්කාලි කැබලි ඉසීමක්ද කරනු ලැබේ. තවත් රසය වැඩි කර ගැනීමට වියලි රතු මිරිස් සහ උණු සෝස් ද එක්කල හැක.

චිකන් සොසේජ් ෆ්රිටාටා සමග ඉරිඟු මිශ්ර ෆෙටා Chicken-Sausage Frittata With Corn and Feta

මෙහිදී අලවලු සහ චිකන් සොසේජ් හොඳින් තම්බා මසුව ඊට බිත්තර සහ අලිගැටපේර එක්කිරීමක් වේ. මෙය උදැසන ආහාර වේලක් සඳහා කදිම වන අතර රාත්‍රිය ආහාර වේලක් සඳහාද පිලියල කර ගත හැක. ඉතින් මෙහිදී ඔබට මෙම ෆේටා වෙනුවට අමු බැටළු චීස් ද යොදා ගත හැක.

අවම තැම්බූ ෆ්රිටාටා සමග තක්කාලි, අලිගැටපේර සහ සිලින්ට්රෝ – Slow Cooker Frittata With Tomatoes, Avocado, and Cilantro

උදෑසන ඔබට යම් අමතර කාල වෙලාවක් ලැබෙන්නේද ? මෙන්න එයට කදිම ආහාර වේලකි. වැදගත් දේනම්, පිලියල වන විට උදුන ගැන සැලකිලිමත් වීම අනවශ්ය අතර මෙය නිරායාසයෙන්ම පිලියල වන නමුත් ඉතා සෞඛ්‍ය සම්පන්න බවකින් ද යුක්තය. ඔබ කැමති ලෙස ඕනෑම එළවළුවක් මීට එක් කල හැක. නිදසුන් වශයෙන් නිවිති, හතු වැනි ඩේ මගින් මෙහි රසය තවත් වැඩි කරන අතරම කාබනික එල කිරි සහ පාම්සන් මිශ්‍ර කර බලන්න, ඔබට ඔබේම විදියට සකසා ගැනීමේ හැකියාව ඇත. Avocado Recipes

Smoked Salmon and Avocado Open-Faced Sandwich

ඉතා ස්වල්ප අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් පිලියල කරගත හැකි මිහිරි සහ අලංකාර ආහාරවෙලකි මෙය. මෙහිදී ක්‍රිම් සහිත චීස් යොදා ගැනීම වෙනුවට, කැලරි අවම කිරි හෝ ක්‍රිම් වැනි මිශ්‍රණය හා සමන් එකතු වීම සිදුවේ. තවද සුදු විනාකිරි වෙනුවට ඇපල් සයිඩ විනකිරි එක් කර බලන්න සහ සාමන්‍ය පාන් වෙනුවට ධ්‍යනය ද මාරු කර බලන්න.

වෙවොස් රැන්චරස් උදෑසන සැන්විචය – Huevos Rancheros Breakfast Sandwich

මෙක්සිකානු ආහාර වේලක් වන මේ සඳහා ආමුද්‍රව‍ය 5 ක් අවශ්‍ය වන අතර ඒ සඳහාම වෙන්වූ රසකාරකයන් සමුහයක්ද ඇත. මෙහිදී බිත්තරය සද ගත හැකි ක්‍රමය රැසක් තිබුනද මෙම ක්‍රමය අත්හදා බැලීම වඩාත් ප්‍රායෝගික වන්නේය. එනම් කහ මදය බොංචි මිශ්‍රණය, සල්සා සහ අලිගැටපේර සමග එක් කිරීමයි.

දවල් සහ රාත්‍රිය ආහාර වෙල් සඳහා අලිගැටපේර වට්ටෝරු

Avocado Pasta – අලිගැටපේර පැස්ටා

මෙම අතිශයින්ම රසවත් පැස්ටා සමග ස්ප්රගැටි සෝස් සහ නූඩ්ල්ස් මොහොතකට හෝ අමතක කරන්න. මෙහිදී ආහාර සකසනයට අලිගැටපේර, බැසිල්, ලෙමන් සහ සුදු ලුණු ඔලිව් තෙල් සහ සිල්ක් සෝස් සමග එක් කරන්න. කාබනික දුඹුරු සහල් නූඩ්ල්ස් සහ ස්ප්රගටි ස්කොශ් ඉතා හොඳ විකල්පයක් වන නිසා මෙ සඳහා මැකරෝනි යොදා ගැනීම අවශ්‍ය නොවේ. ටින්කළ ඉරිඟු වෙනුවට GMO නොමැති කාබනික ඉරිඟු භාවිත කරන්න සහ ඔබ කැමතිම එළවලු මිශ්‍ර කර මිනිත්තු 20 කින් පමණ අඩු කාලයකින් මෙම රසවත් ආහාරය පිලියල කර ගැනීමටද හැකියාව ඇත.

අලිගැටපේර සහ දැවිල්ල මයෝ එක්කල බර්ගර්ස් – Avocado and Spicy Mayo Stuffed Burgers

ග්‍රීල් කර පසුව දේවල් ආක්කරනවා වෙනුවට මෙම බර්ගර්ස් එකවිටම ඊට සරිලන සැමදේම එකතු කර සාදගනීමක් සිදු කරයි. මෙ සඳහා තුන පහ අවශ්ය වීමක් අවශ්‍ය නැත මන්ද මෙය පිළියෙළ වන්නේ එකපාරම ඉතාමත් රසැති ඉස්ම වැගිරුණු දැවිල්ල මායෝ වලින් පිරුණු පැටිස් වැනි ස්වභාවිකින් නිසාමය.

චිකන් අලිගැටපේර බර්ගර්ස්
Chicken Avocado Burgers

ඔබම පුදුමයට පත් වේවි ආමුද්‍රව‍ය හතරකින් පමණක් භාවිත කරමින් පිලියල කර ගන්නා මෙම චිකන් බර්ගර් එකේ රස බැලූ විට. මෙහිදී අලිගැටපේර සහ පාන් කැබලි (ධ්‍යනමය පන් වලින් ඔබ කැමති ලෙස සකසා ගන්න) නිසා පැටිස් වියළීමෙන් තොරව පවත්වා ගැනීමට සමත් වන අතර එමනිසා වියලුනු බර්ගර්ස් කිසිවක් මෙහිදී දක්නට ද නොලැබේ. තවද මෙය භාවිතා කර රසට හැපෙන සලාද කොළ සහ සලසා වලින් එසකි බන් එකක් සරසීමටද අමතක නොකරන්න.

ක්රීම් සහිත අලිගැටපේර පැස්ටා මස් සහ හාතවාරිය සමගින් – Creamy Avocado Pasta With Chicken and Asparagus

ක්‍රිම් සහිත අලිගැටපේර සම්ප්රදායික පැස්ටා සෝස් වෙනුවට යොදා ගන්න විට මෙහිදී සුචිනි නූඩ්ල්ස් පැස්ටා වෙනුවට යොදා ගනී. ඉතින් අවසානයේ කාබන් අවම රසයෙන් ඉහල නූඩ්ල්ස් එකක් පිලියල කර ගත හැක.

සුදුළුනු රසැති ග්රිල් කල අලිගැටපේර චීස් සමග තක්කාලි පෙස්ටෝ
Garlicky Avocado Grilled Cheese With Tomato Pesto

අලිගැටපේර , තැම්බූ තක්කාලි සහ චීස් එක් කිරීමට පෙර පාන් නියමාකරෙන් අදාළ දුඹුරු පැහැය එන තෙක් කුළුබඩු සමග පැස්ටර් බටර් හොඳින් ගලවන්න. ප්‍රතිඵලය ලෙස ඉතා රසවත් ක්‍රිම් සහිත චීස් වලින් පිරුණු සන්විචයක් පිලියල කර ගත හැක.

කළුකුම් මාංශ හා අලිගැටපේර සමග ග්‍රීල් කර චීස්
Grilled Cheese With Smoked Turkey and Avocado

සම්ප්‍රදායික කළුකුම් මාංශයක් සහ චීස් වලට දවල් අහරවෙලක් හෝ රාත්‍රිය අහාර වේලක් මුළුමනින්ම වෙනස් කිරීමේ හැකියාව ඇත.ඉතාමත් ප්‍රියජනක සන්විචයක් සඳහා ප්රෝටීන් වලින් සමන්විත කළුකුම් මස් සමග චීස් සහ මස්ටඩ් කදිමය.

පෙස්ටෝ පැස්ටා සමග නිවිති සහ අලිගැටපේර
Pesto Pasta With Spinach and Avocado

අතුරු ආහාරයක් ප්‍රධාන ආහාරයක් බවට හරවන්න – එනම් නිදසුනක් ලෙස ග්ලුටන් අවම කිරීම සඳහා දුඹුරු සහල් නූඩ්ල්ස් යොදා ගැනීම. අලිගැටපේර එක් කිරීමත් සමගම ඉතා මෘදු රසයක් ගැනීම සඳහා නිවිති සහ ඇට එක් කිරීමෙන් මෙම නූඩ්ල්ස් වල ප්‍රමාණවත් බව වැඩි කරන අතර මෙ නිසා චීස් වල අවශ්‍යතාවයද පන නොනගී. ඉතින් පැස්ටා සමග නිසි පරිදි ජලයද භාවිතා කිරීමට අමතක නොකරන්න මන්ද එමගින් සෝස් වල රසවත් බව හා ගුණය තව තවත් වැඩි කරන නිසාය.

තක්කාලි අලිගැටපේර බර්ගර්ස්
Tomato Avocado Burgers

අලිගැටපේර යෝගට් සෝස් සමග තක්කාලි බනිස් යොදා ගැනීමත් සමග බර්ගර්ස් වලට නව අර්ථයක් එක් කරයි. එතරම් නිඉදුණු තක්කාලි භාවිතය මගින් පැටිස් වල තිබෙන එම ගුණය හොඳින් රඳවා තබා ගන්න අතරම හැපෙන සුළු ගතියද වැඩි කරයි. එය බර්ගර් සලාදයක් ලෙසද හැඳින්වීම වැරදි නැත.

නිවැරදි මෙක්සිකානු වොකමොලේ
Authentic Mexican Guacamole

බොහෝ ඇමෙරිකානුවන්ට විවිධ අහාර වේල් සඳ පාදක වුනු මෙමෙ වොකමොලේ (Guacamole) ගැන සඳහන් නොකර තවදුරටත් යාම මන් හිතන විදියට සුදුසු නැත. ඔබගේ පිරියතම එළවලු සුඋළු කෑමක් සඳහා එක් කරන්න, එනම් එය ධාන්ය වලින් සෑදු රොටියක් මත එක් කරන්න නැතිනම්, එය කෙලින්ම බඳුනේ තිබියදීම ආහාරයට ගන්න. ඉතින් මෙවැනි ඕනෑම අයුරකින් මෙය රස විඳීමේ හැකියාව ඇත.

අලිගැටපේර චීස් ඩිප් එකක් සද ගැනීම
Avocado Cheese Dip

මෙම ඩිප් එක සාදගන්නවට වද අමතර කිසිම දෙයක් නැති අතර මිනිත්තු 5 ක් අවම වය වන දෙයකි. එනම් නැවුම් බැටළු චීස් එක් කිරීමෙන් ලුණු රසක්ද, මාළු මිරිස් එක් කිරීමෙන් උණුසුම් බවක්ද එක් කල හැකිය. ඉතින් මෙම දේවල් එක් කර ආහාර සකසනයක දමා ඔබ කැමති ලෙස පිළියෙළ කර ගන්න.

අලිගැටපේර හමස් සමග හරිත පාන් චිප්ස්
Avocado Hummus with Sprouted Grain Pita Chips

මෙම ප්රනීත හමස් වල ඇති රසය ඔබට දැනුන විට ඔබටම අදහා ගත නොහැකි වේ !! මෙම චිප්ස් සඳහා සැමවිටම එම ධනයම භාවිත කරන්න, එනම් ඕනෑම වෙලාවක ගැනීමට හැකි සුළු අහාර වේලක් මින් පිළියෙළ කර සෑම දෙනාවම පිනවීමේ හැකියාවද ඇත.

අඹ සහ අලිගැටපේර සල්සා
Mango Avocado Salsa

ඔබට අවශ්යනම් ලුණු රසැති සහ මිහිරි බැවින් යුක්ත කදිම රැසක් විඳීමට, මෙම රසවත් අඹ සහ අලිගැටපේර සල්සා ඔබ වෙනුවෙන්මයි. මෙය ටාකෝ එකක් මත තැවරුණු සිහින් සල්සා කැබලි මෙන්ද, හරිත ධාන්ය පාන් චිප්ස් ලෙස පිළියෙළ කිරීම්කටද, ගරිල් කර ගැනීමකදී වුවද හෝ අවන් එකක පිලියල කල මාළුවෙකු සමග ද ගැනීමේ හැකියාව පවතී.

අලිගැටපේර රැන්ච් ඩ්රෙසින්ග්ස්
Avocado Ranch Dressing

රැන්ච් ඩ්රෙසින්ග්ස් යනු දිගු කාලීන ප්රියතම හැඩගැන්වීමක් වන අතර අලිගැටපේර එක් කිරීම මගින් එය තවත් කැපී පෙනේ. ඉතින් මෙම කිරි නොමැති මිශ්රණය ඔබගේ කැමතිම සලාද මත තවරන්න. ඒවගේම මෙය පැතිරුණු සන්විචයක් ලෙසද භාවිතා කල හැක.

ක්රීම් සහිත අලිගැටපේර සලාද හැඩගැන්වීම් / ඩ්රෙසින්ග්ස්
Creamy Avocado Salad Dressing

කිසිම අමුතු අමුද්රවයක් නොමැති බැවින් , ඔබ මෙම හැඩගැන්වීම් කඩෙන් මිටදී ගන්නේ කුමටද ? ඉතින් ඔබ මෙය අත්හදා බලන විට එය ඔබගේ තොල් වලට හොඳින්ම දැනෙන අතර , මීට පෙර මෙය පිළියෙළ නොකෙරුවේ මන්ද යන්න ද ෂියට නැගේ.

නිරිතදිග අලිගැටපේර සලාද ඩ්රෙසින්ග්ස්
Southwestern Avocado Salad Dressing

ඔබගේ කැමතිම නිරිතදිග රසයන් වන සිලෙන්ට්රෝ සහ චිප්ටල් මිරිස් මෙ සඳහා යොදා ගන්න අතර ටාකෝ සලාදයක් සමග සිහින්ව ගැනීමට මෙන්ම මස් බැදුම් සඳහාද යෝග්ය වේ. මම හිතනවා මෙය ක්වෙසඩිල්ලා එකක් සමගද හොදින් භාවිත කරන්න පුළුවන් කියලත්. ඉතින් අවසානයේ මට දොස් නගන්නට එපා ඔබට මෙය හැමදේකටම එක් කරන්න සිතුනෝත්.

ලෙමන් අලිගැටපේර සලාද ඩ්රෙසින්ග්ස්
Lemon Avocado Salad Dressing

ඔබ ලෙමන් වලට කැමතිනම් මෙය ඒහා එක් කරලා බලන්න. මෙමගින් මිහිරි බවක් සහ තෛලමය බවක්ද මතු කරගත හැක. එය සම්ප්රදායික සලාදයක් මෙන්ම මුහුදු ආහාර වේලක් සඳහාද එක ලෙස යෝග්ය වේ.

අලිගැටපේර බිත්තර සලාද
Avocado Egg Salad

සමහරවිට බිත්තර සලාදයක් එතරම් හොඳ නැති වෙන්නට පුළුවන් නමුත් මෙහිදී මායෝ වෙනුවට අලිගැටපේර යොදාගන්න නිසා, ආහාරය රසවත් වනවාට අමතරව ඔබට ගුනදායකද වේ. ඉරිඟු වලින් මිහිරි බවක් එක් කරන විට ලෙමන් ඉස්ම මගින් අලිගැටපේර දුඹුරු පහ ගැන්වීමද නවතයි. මෙය නිකමට හෝ බ්රැස්කෙට්ටා ආකාරයට පිළියෙළ කර බලන්න නැත්නම් එය ග්රිල් කල චීස් තැවරුණු ආකාරයට පිළියෙළ කර බලන්න , මෙම ක්රම 2ම එක ලෙස ඔබව පිනවීමට සමත් වේ.

අලිගැටපේර කප්රීස් සලාදය
Avocado Caprese Salad

අලිගැටපේර මෙම ඉතාලි අහාරයට එක් කිරීම මගින් සරල අතුරු ආහාරයක් , ප්රධාන අහාරයක් බවට පත් කරගැනීමේ හැකියාවද ඇත. ග්රිල් චිකන් එක් කිරීමෙන් මෙහි ඇති ප්රෝටීන් සංයුතියද තවත් වැඩි වේ. ඉතින් මෙ හා මු චීස් භාවිත කර උකු කිරි සමග ඔබගේම මොසරැල්ලා එකක් පිලියල කරගන්න.

අලිගැටපේර සලාදය සමග බෙල් පෙපර් සහ තක්කාලි
Avocado Salad With Bell Pepper and Tomatoes

මෙම එක්මන් සහ පහසු සලාදයේ පදනම ලෙස කටයුතු කරන්නේ අලිගැටපේර ලෙලිය/පොතුය. මුලින්ම හොඳින් මදේ ඉවත් කර එතුලට බෙල් පෙපර්, තක්කාලි සහ සිලන්ට්රෝ එක් කරන්න. පසුව අවශ්ය ලෙස පදමට ඩ්රෙස් කර මිශ්රණය එතුලට දමන්න. මෙය එය පෙනෙන අකාරයෙන්ම රසවත් වන අතරම අමුත්තන්ට පිලි ගැන්වීමටද කදිම වේ.

අලිගැටපේර සැමන් සලාදය සමග අරුගුලා
Avocado Salmon Salad With Arugula

මෙය තරමක් පිළියෙළ කිරීමට අපහසු බවක් පෙනුනද එය පිලියල කරන විට ඔබටම දැනේවි කොතරම් පහසු කාර්යක්ද කියා. මෙහිදී අවන් එක තුල සැමන් වලට ගම්මිරිස් සහ ලුණු ඉසිනු ලැබේ. ඉතින් එය රත් වන අතරතුර සලාදය සකසා ගන්න. මෙහිදී අරුගුලා පදනම වශයෙන් කටයුතු කරන අතර එය ක්රීම් සහිත අලිගැටපේර , ඉස්ම වැගිරුණු තක්කාලි සහ හොඳින් හැපෙන සුළු රාබු සමගද මිශ්ර වේ. පසුව එය හොඳින් කැබලි කෙරු සැමන් මත අහුරන්න, ඔබට මිනිත්තු කිහිපයකින් හොඳ අවන්හලකින් මිලට ගත්තා වැනි රසවත් ආහාර වේලක් රස විදීමේ හැකියාව උදාවේ.

පොප්සීඩ් ඩ්රෙසින්ග්ස් සමග අලිගැටපේර ස්ට්රෝබෙරි නිවිති සලාදය
Avocado Strawberry Spinach Salad With Poppy seed Dressing

බොහොම ස්තුතියි මිහිරි ස්ටෝබෙරි වලට, තැම්බූ ආමන්ඩ් වලට සහ අලිගැටපේර වලට මොකද මේවා නිසා මෙම වට්ටෝරුව රසයෙන් උතුරා යන නිසාවෙනි. ඉතින් මෙය ඔබට පුළුවන් පලතුරුමය සලාදයක් බවට පත් කරගන්නත්, එනම් ඔබට කිරීමට අවශ්ය වන්නේ පොප්සීඩ් ඩ්රෙසින්ග් සමග මිශ්ර කිරීම පමණි.

ක්රීම් සහිත අලිගැටපේර කෙලවල්ලා සලාදය
Creamy Avocado Tuna Salad

අලිගැටපේර එක්වූ කල සම්ප්රදායක කෙලවල්ලා සලාදයක් තවත් රසවත් කර ගැනීමට හැක. මෙහිදී අලිගැටපේර සමග මෙයොනීස් එක්වෙන අතර එමගින් කැලරි පිරුණු සම්ප්රදායික බවෙන් ඉවත්ව සෞක්යමත් බවකට හැරවේ. වැදගත් දේනම් ටින් කල කෙලවල්ලන් වෙනුවට නැවුම්ව අල්ලාගත් කෙලවල්ලන් යොදා ගැනීමෙන් ඔබටත් ඔබගේ සිරුරටත් වඩාත් ගුණදායක වේ.

පිපිඤ්ඤා සහ අලිගැටපේර සලාදය
Cucumber & Avocado Salad

ඔබට ඉතාමත් සරල සහ රස උතුරා යන කෑමක් ගැන ආශාවක් ඇත්නම් , මෙන්න ඔබ සොයමින් සිටි අහාර වට්ටෝරුව. මිනිත්තු කීපයකින් අමුද්රව්ය 5 ක් පමණක් යොදා ගැනීමෙන් සහ එකම ක්රම වේදයකින් මෙම පිපිඤ්ඤා, අලිගැටපේර සහ චීස් වට්ටෝරුව ඔබට අවශ්ය පරිදි බර වේලකට හෝ නැත්නම් අතුරු වේලකට වුවද ගනීමෙ හැකියාව ඇත. මෙ සඳහා අමු හෝ බාගෙට හෝ තම්බා ගන්න ලද චීස් භාවිත කිරීම යෝග්ය වේ.

ග්රිල් ඉරිඟු සහ අලිගැටපේර සලාදය
Grilled Corn and Avocado Salad

මෙය ගිම්හාන කාලය සඳහා වඩාත් යෝග්ය වේ, මන්ද මෙම ග්රිල් කල ඉරිඟු සහ අලිගැටපේර සමග නැවුම් ළුනු, තක්කාලි සහ පිපිඤ්ඤා හොඳින් පෑහෙන නිසාය. සැමවිටම GMO නොමැති කාබනික නැවුම් ඉරිඟු යොදා ගැනීමටද සැලකිලිමත් වන්න. එය ග්රිල් කල මස් සමග එකට බෙදන්න නැත්නම් එය එසේ තිබියදීම ආහාරයට ගන්න.

ග්රිල් කල අන්නාසි , චිකන් සහ අලිගැටපේර සලාදය
Grilled Pineapple, Chicken, and Avocado Salad

මෙහිදී අන්නාසි කැබලි සහ චිකන් ග්රිල් එක මත රත් වන විට අලිගැටපේර, බ්ලුබෙරී, චීස් සහ ළුණු ඒ මතට එක් කල යුතයි. අවසාන ප්රතිපලය කුමක්ද ? එනම් මෙය සැබවින්ම ග්රීෂ්ම සෘතුව සඳහා යොදා ගත හැකි කදිම සීත සලාදයක් වනවා නොඅනුමානය. සීත මාසවල මෙය සකසා ගැනීමේදී ග්රිල් පෑන් භාවිත කිරීම වඩාත් සුදුසු වේ.

අඹ , අලිගැටපේර සහ කව්පි සලාදය
Mango, Avocado and Black Bean Salad

කව්පි මගින් මෙම පහසු සලාදය හොඳින් පිරිපුන් කරන අතර ලෙමන් ඉස්ම සහ රතු ළුණු මගින් මෙයට සල්සා වැනි රැසක් එක් කරයි. ඉති මෙම සලාදය හිතවාටත් වඩා ඉක්මනින් කර ගැනීමේ හැකියාව ඇත .

අඹ , අලිගැටපේර සහ ක්වින්වා චිකන් සලාදය
Mango Avocado Quinoa Chicken Salad

ඔබට රාතී කාලයේදී උදුන කිරියාත්මක කිරීමට එතරම් කැමැත්තක් නැත්නම්, මෙම ඉතිරිව ඇති ක්වින්වා මෙම වර්ණවත් සලාදය සඳහා භාවිතා කරන්න. එවගේම අලිගැටපේර මගින් මෙහි ඇති පොහොසත් බව තවත් වැඩි කරයි. ඔබ අඹ සොයා ගැනීමටනම් අපහසු නම්, ඒ සඳහා ඕනෑම සිට්රස් අඩංගු පළතුරක් යොදා ගතද හැකිය.

ඇපල් සහ අලිගැටපේර ස්මූති
Apple and Avocado Smoothie

මෙම නැවුම් පානය මගින් (මින් පත්ර හෙබි) අනිවාර්යෙන්ම විටමින් C මාත්රාවක් වනවාද ඒවගේම එහි රසයත් උතුරා යන බවටත් නොඅනුමානය. මෙය පානය කිරීමෙන් සන්ද්යාවක්ම ප්රබෝදමත් කර ගත හැක.

අලිගැටපේර ස්මූති
Avocado Smoothie

ඔබට 100% ක්ම එතරම් හොඳ බවක් නොදැනේ නම්, අපහසුතාවයක් දැනෙන්නීනම් මෙන්න වෛද්යවරයා වුවද ඔබට අනුමතා කරන පානයකි. මෙහි ලෙඩ සුව කිරීමට සමත් ඉඟුරු සහ සනුතිවලින් සපිරුණු අඹ ද යොදා ගෙන ඇත. ඉතින් මෙය පානය කිරීමෙන් ඔබට නැවුම් බවක් ගෙන දෙයි.

බ්ලුබෙරි අලිගැටපේර ස්මුති
Blueberry Avocado Smoothie

මෙය අතුරු පසක් වගේ පෙනෙන්නට හැකි නමුත් එය එසේම නොවේ මන්ද මෙහි මොලයට වුවද ඉතා ගුණදායක වන බ්ලුබෙරි, පොමග්රනේට්ස් සහ ක්සෙල් වැනි අමුද්ර්ව්යන්ද අඩංගු බැවිනි. ඒවගේම එහි පතුලේ එන දම් පහ වර්ණය පිළිබඳද මගේ අකමත්තක්ද නැත… චියර්ස් !!!

චෝකොලට් අලිගැටපේර ස්මුති
Chocolate Avocado Smoothie

මෙය මිල්ක්ෂේක් එකක්ද? නැත්නම් පානයක්ද ? ඉතින් කෙසේ හෝ මෙය මෙතරම් රස නම් එයත් තවත් එක් ප්රශ්නයක්ද ? ඊට අමතරව කෙසෙල් නිසා මෙහි ඇති සිවභාවික රසයද තවත් වැඩි වේ. මොහොතකට කොකෝ(ආ) කුඩු අමතක කරන්න, ඒ සඳහා ඔබ කැමතිම ඝන චොකොලට් භාවිතා කරන්න. පසුව ඔබ කැමති පරිදි , ඔබට අවශ්ය ප්රමාණයට බ්ලෙන්ඩ් කර ගන්න. ඔබට මෙය පුඩිමක් වැනි දෙයක් ලෙස සකසා ගැනීමට ඕනනම් අඩුවෙන් කිරි භාවිත කිරීමටද අමතක නොකරන්න. … ඉතින් ඔබම රස විඳින්න !!!

සිසිල් ක්රීම් සහිත අලිගැටපේර සහ ඩන්ගෙනස් කකුළුවන්
Chilled Cream of Avocado Soup With Dungeness Crab

කකුළුවන්ට ආශා මිතුරනි , මෙන්න ඔබට කදිම අවස්තාවක් .. එනම් අලිගැටපේර වලට සහ පොල් කිරි වලට ස්තුතිවන්ට වෙන්න, මෙය ඉතාමත් රසවත් කකුළු සුප් එකකි. කකුළුවන් ගැන එතරම් උනන්දු නෙද්ද ? එසේනම් යොදා ගන්න චිකන්, ටොෆු හෝ මුළුමනින්ම ප්රෝටීන් ඉවත් කරන්න. ත්වමත සුප් එක ගැන වචන 2ක් නැත.

සිසිල් පිපිඤ්ඤා, කෙෆ(ර්) සහ අලිගැටපේර සුප්
Chilled Cucumber, Kefir, and Avocado Soup

මෙම හරිත දෙවඟනට ඔබගේ රාතී අහාර මේසය දැල්වීමේ හැකියාව ඇත. ඔබ තවමත් කෙෆ(ර්) සමග එතරම් ලැදියාවක් නැත්නම්, පැසුනු කිරි නැතහොත් මෙ සඳහා සාමාන්ය යෝගට් ද යොදා ගැනීමේ හැකියාව ඇත.

ක්රීමා ඩී අගුකාටේ (කොලොම්බියානු ක්රීම් සහිත අලිගැටපේර සුප් )
Crema de Aguacate (Colombian Creamy Avocado Soup)

ඔබට කිසිසේත්ම මෙම රසවත් කොලොම්බියානු සුප් එක පානය කිරීමට, දකුණු ඇමෙරිකාවේම සිටිය යුතු නැත. මෙසඳහා අවශ්ය අමුද්රව්ය දැනටමත් ඔබලග තිබෙනවා නොඅනුමානය. ඒවගේම මෙය ඉතාමත් ඉක්මන් පැනයක් වන අතරම පිරිපුන් බවකින්ද හෙනි වේ.

චිකන් අලිගැටපේර ලයිම් සුප්
Chicken Avocado Lime Soup

මෙය බොහෝ වෙලාවට ටොර්ටිල්ලා සුප් එකක් සහ අලිගැටපේර වලින් එන එම රස එක් කිරීමක් සිදු කරි සහ ඉතා රසවට් පිරිපුන් සුප් එකකි. ඉතින් ඔබම මෙහි නාචෝ සමග පිලියල කර බලන්න. නැවුම් එළකිරි , චීස් , සල්සා සහ කව්පි භාවිතයටද සැලකිලිමත් වන්න. ඉතින් ඒ වගේම අහාරයට ගන්න !!

ක්රෝක්පොට් චිකන් අලිගැටපේර සුප්
Crockpot Chicken Avocado Soup

මෙය සාමාන්ය කුකර් එකකට වඩා සැහැල්ලු වන අතර පිසීමට කාලයක් ගත වන්නේ එහි ඇති රසයද තවට් වැඩි කරමිනි. ඉතින් උපායක් ලෙස ඕන උදේ පාසල් හෝ වැඩට යන විට මෙය සුදානම් කර තමන්න, ඔබට රාත්රීයෙදී අනර්ග කෑම වේලක රස බැලිය හැක.

කිරි නොමැති ක්රීම් සහිත අලිගැටපේර සුප්
Dairy-Free Creamy Avocado Soup

ඔබ සතියක් පුරාවට හොදි වැනි සුප් ආහාරයට ගත්තේනම්, එය මොහොතකට අමතක කරන්න. මන්ද මෙම සුප් එක ඉතාමත් ඝන ස්වභාවයක් ගන්න අතර මෙහි කජු, ශාකසාර දේවල් සහ හරිත තේ වලින්ද සමන්විත වේ. එමෙන්ම මෙම අලිගැටපේර සහ කිරි අවම යෝගට් වලින් මෙය තවත් ගුණ දායී කරන අතරම රසයෙනුත් වැඩි කරයි.

තම්බා ගත් හාතවාරිය සහ අලිගැටපේර සුප්
Roasted Asparagus Avocado Soup

හාතවාරිය කොළ තම්බා , එය අලිගැටපේර සමග මිශ්ර කර , අවසානයේ චිකන් සහ සුදු ළුණු තෙල් සමග බ්ලෙන්ඩ් කර ගත් පසු, ඔබට ලැබෙන ප්රතිපලය කුමක්ද ? එනම් එය රවසත් සහ ඔබට ගැනීමට හැකි ගුණ දායකම සුප් එකක් වනවා නොඅනුමානය. ඔබ නිකමට හෝ හාමත්ව සිටිනවානම් , මෙන්න අවස්ථාව , ඉතා සීමිත අමුද්රව්ය ප්රමාණයක් යොදාගෙන අඩු කාලකින් හොඳහැටි සැහීමකට පත් විය හැකිය.

අලිගැටපේර ෆ්රෝස්ටින්ග්
Avocado Frosting

ඔබට ඉතා රසවත් අතුරු පසක් සාදාගැනීමට අවශ්යද ? මෙන්න එහෙනම් මෙය ඔබ සඳහාමයි. මෙහි ඇති රහස් ආමුද්‍රව‍ය යනු අලිගැටපේර කියා කව්රුන් හෝ කිසිවිටෙකත් සැක කරන්නේද නැති තරමටය. මෙයට නිවසේම පිලියල කර ගන්න ලද පොල් කුඩු සමග කුඩු කල සීනි මිශ්ර කරන්න, ඔබම වෙනස වටහා ගන්න.

අලිගැටපේර අයිස් ක්රීම්
Avocado Ice Cream

කඩෙන් ගන්න එම අයිස් ක්‍රිම් වලට වඩා හොඳ සහ ගුණවත් අයිස් ක්‍රිම් එකක් ඔබට නිවසේදීම සද ගැනීමේ හැකියාව ඇත. එනම් එම අයිස් ක්‍රිම් සාදනය ක්‍රියාත්මක කර මෙම සරල වට්ටෝරුව සෑදීමට දමන්න. මෙ සඳහා පැණි පලා සහ නැවුම් එළකිරි හෝ බැටළු කිරි එක් කිරීම වඩාත් ප්‍රයෝගික බවද සැලකිලිමත් වන්න.

පොල් සහ අලිගැටපේර තලප
Coconut and Avocado Grasshopper Bars

මේවාට අලිගැටපේර එම අදාළ වර්ණයම හොබවන අතරම පොටසියම මාත්‍රාවක්ද එක් කරයි. ඉතින් ආහාර සීමා පනවා ඇති පුද්ගලයන්ටද මෙය කදිම අවස්ථාවක් වේ. මන්ද මේවාවල කිසිම ධ්‍යන , බිත්තර, කිරි , ග්ලුටන් හෝ පිරිපහදු කල සීනි වුවද නැත.

කව්පි , අලිගැටපේර , චොකොලට් චිප්ස් වලින් සමන්විත ෆජ් බ්රවූනීස්
Black Bean Avocado Chocolate Chip Fudge Brownies

මෙහි පැන නගින එකම ගැටලුවනම්, මෙය සෞඛ්‍යට හිතකරද ? යන්නය. මේවා ඉතාමත්ම රසවත් බැවින් යුක්ත වීමම නොවේ, මේවා සාදා ගැනීමටද ඉතාමත් පහසුය. pantry staples සමග කව්පි තැටියක් මත රත් කිරීමෙන් මෙය සදා ගනී. ප්‍රතිඵලයනම් ඉතාමත් රසවත් සහ ගුණදායක බ්‍රව්නිස් සෑදීමයි. මගේ අවවාදය නම්, කනෝලා තෙල් වෙනුවට සීත කල පොල් කිරි හෝ ගී (ghee) භාවිත කිරීමයි.

කිරි රහිත චෙරි, පොල් සහ අලිගැටපේර අයිස් ක්රීම්
Dairy-Free Cherry, Coconut & Avocado Ice Cream

කිරි රහිතද? එය ගැටළුවක් නොවේ. මෙම පහසු වට්ටෝරුවේදී පොල් කිරි සහ අලිගැටපේර භාවිතා කරමින් ක්‍රිම් සහිත වූ කිරි සෑදිමක් වේ. මෙය ඔබට අයිස් ක්‍රිම්ස සකසනයක් නොමැතිවද කල හැකි අතර මිශ්‍රණයය පොප්සිකල් වලටද හැරවිය හැක. කෙසේ සකසා ගත්තද, රසයේනම් අඩුවක් වන්නේ නැත.

සෞක්යමත් අලිගැටපේර චොකොලට් කුකීස්
Healthy Avocado Chocolate Cookies

මෙය සම්ප්‍රධ්‍යික චොකොලට් කුකීස් වලට කදිම විකල්පයක් වන අතර, මෙහෙදී බටර් වෙනුවට අලිගැටපේර යොදා ගනී. එය සම්පූර්ණයෙන්ම සීත කලාගත් පසු රසය ඉතාමත් වැඩිය. එනම් එය අවන් එකෙන් පිටතට ගත විගසම ඇල්ලීමට හෝ ආහාරයට ගැනීමට යාමෙන් වලකින්න.

 

 

අලිගැටපේර වලින් සාදා ගත හැකි වට්ටෝරු 50ක් – 50 Amazing & Easy Avocado Recipes

What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

Type Of snorers_well.lk Sinhala

ඔබත් නින්දෙන් ගොරවනවාද ? මෙන්න එය වැළක්වීමේ ක්‍රම 11 ක්

මෙම කෑම වර්ග 6 ඔබේ හදවතට විශේෂයි. – Heart Healthy Foods